ශිරන්තිත් FCIDයට කැඳවයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ භාර්යාව වන ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ලබන මස 01 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසන්නේ ඒ සඳහා වු දැනුම්දීම තංගල්ල පොලිසියේ නිලධාරීන් පැමිණ ඊයේ භාරදුන් බවයි. 
 
යහපාලන ආණ්ඩුව දේශපාලන පලිගැනීමක් සිදුකරන බවද සිය මැණියන් වන ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැඳවීම එහි තවත් අවස්ථාවක් බවද නාමල් රාජපක්‍ෂ මහතාගේ ට්විටර් සටහනක සඳහන්.  ඕනෑම පලිගැනීමකට මුහුණ දීමට තමන් සුදානම් වුවත් තම මැණියන්ට සිදුවන අසාධාරණය අනුමත කළ නොහැකි බවද අදාල ට්විටර් සටහනේ දැක්වෙනවා. 
 

Share this