දෝනි නිසා බිරිඳ සාක්ෂි හොර රහසේ කඳුළු සලයි

නිරන්තරව සිනහමුසු මුහුණින් කැමරාවට මුහුණ දෙන ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනිගේ බිරිඳ සාක්ෂි පසුගිය දා සිය මුහුණ කැමරාවෙන් වසං කිරිමට උත්සාහ දැරූ අයුරු දැක්වෙන ඡායාරූපයක් මේ දිනවල ඉන්දීය මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් වෙමින් තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඇය කඳුළු සලමින් සිටි අවස්ථාවක මෙලෙස කැමරාවෙන් වසං වීමට උත්සහ කර ඇති බව ය.

එම ඡායාරූපයේ පෙනී සිටින ඇයගේ ගෙලෙහි හින්දි භාෂාවෙන් දෝනිගේ නම සඳහන් වන පච්චයක් දැක ගත හැකි ය.

මෙම ඡායාරූපය කැමරාවේ සටහන් වී ඇත්තේ, පසුගිය දා කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේ පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගය අවසන් වූ අවස්ථාවේදී ය.

එම තරගයේදී මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම හමුවේ මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය දැරූ චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම පරාජයට පත් විය.

තරගය නැරඹීමට පැමිණ සිටි සාක්ෂි සිය සැමියා නායකත්වය දැරූ කණ්ඩායම පරාජය වීමෙන් පසු දුකට පත්ව මෙලෙස කඳුළු සලමින් සිට ඇත

සාක්ෂි සාමාන්‍යයෙන් මහේන්ද්‍ර සිං දෝනි තරග කරන සෑම තරගයක් ම පාහේ නැරඹීමට පැමිණෙනු දැක ගත හැකි ය.



Share this