නිල කාලය අවසන් වන පළාත් පාලන ආයතන 234 අද (15 වැනිදා) සිට එම පළාත් පාලන ආයතනවල නිලධාරී පාලනයට යටත්වීමට නියමිතය. මේ අනුව මහ නගර සභා නාගරික කොමසාරිස්වරුන් යටතටත් නගර සභා සහ ප්‍රාදේශීය සභා නාගරික ලේකම්වරුන් යටතටත් පත්වේ.
පළාත් පාලන ආයතනයක මූල්‍ය අක්‍රමිකතා හෝ වෙනත් හේතුමත පළාත් මහ ඇමැතිවරයා විසින් කොමිසමක් පත්කර ඉන් පළාත් පාලන ආයතනය වැරදිකර නිල කාලය අවසන් පළාත් පාලන ඇති බවට ඔප්පු වුවහොත් විශේෂ අවස්ථාවක් ලෙස සලකා එය විසුරුවා හැර කොමසාරිස්වරයකු යටතට පත් කිරීම මහ ඇමැතිවරයා විසින් සිදුකෙරේ. එහෙත් මෙම පළාත් පාලන ආයතන 234 ම නිල කාලය අවසන් වීම නිසා විශේෂ කොමසාරිස්වරුන් යටතට පත් කිරීම නොව එම ආයතනවලම නිලධාරීන් යටතට පත්වීම සිදුවේ.
නැවත පළාත් පාලන මැතිවරණයක් පැවැත්වෙන තෙක් මේවා නිලධාරීන් යටතේ පාලනය වේ. එමෙන්ම අදින් නිල කාලය අවසන්වන පළාත් පාලන ආයතනවල නියෝජිතයන් තමන් පරිහරණය කළ නිල වාහන ඇතුළු අනෙකුත් පහසුකම් පළාත් පාලන ආයතනයට භාරදිය යුතුය. නිල කාලය අවසන් වන පළාත් පාලන ආයතනවලට මහ නගර සභා 3 ක්, නගර සභා 30 ක් සහ ප්‍රාදේශීය සභා 201 ක් ඇතුළත් වේ.
තවත් පළාත් පාලන ආයතන 65 ක් ජූලි 31 වැනිදා, 21 ක් සැප්තැම්බර් 16 වැනිදා ද, 02 ක් සැප්තැම්බර් 31 වැනිදා ද නිල කාලය අවසන් වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ඡේ. දඩල්ලගේ මහතා පවසයි.