තමාට ඉක්මනින් විවාහයක් කර දෙන ලෙසට පියාට බල කර පසුව ඉනිමගක ආධාරයෙන් නිවසින් (නිවසේ තාප්පයෙන්) පැන පලාගොස් කොළඹ ගොල්ෆේස් හි හුදකලාව සිට හමුවූ අවුරුදු 13 මාස 10 වියෑති දැරියකගේ ආරක්ෂාව සඳහා ඇය ගැලවීමේ හමුදාවට භාරදීමට මීගමුව ප්රධාන මහෙස්ත්රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය නියෝග කළාය.
මෙම දැරිය මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ සැරයන් (49241) එම්. එන්. ජිනදාස මහතා විසින් අධිකරණය හමුවට පමුණුවා තිබිණි. මෙම දැරිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලදී අනාවරණය කරුණු අනුව දැරිය කටාන ප්රදේශයේ පදිංචිකාරියකි. ඇය කුඩා කල සිට පිරිමි ඇසුරට රුචිකත්වයක් දැක්වූ අතර එම හේතුවෙන් ඇගේ ඉගෙනීම කඩා කප්පල්වී ඇත. ඉන් අනතුරුව ඇය තරුණයන් දෙදෙනකු සමග පලාගිය අතර එම තරුණයන් දෙදෙනාට බාලයස්කාර දැරියකට අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා නඩු විභාගයක්ද පවතී. මෙම තත්ත්වය යටතේ එම දැරිය අධිකරණය මගින් පරිවාස ගත කළත් ඇය පරිවාස නිවාස වලින්ද පලා විත් තිබේ. පසුව ඇගේ භාරකාරත්වය දෙමාපියන්ට පැවරුණු අතර ඇය යළිත් වරක් නිවසේ තාප්පයට ඉනිමගක් තබා පැන පලාගොස් ඇත්තේ ඒ අතර තුරයි.
මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උපපොලිස් පරීක්ෂිකා අනුශිකා මැදවත්ත මෙනවිය, කාන්තා සැරයන් (4818) හෂිම් හා සැරයන් (42921) එන්. එම්. ජිනදාස යන නිලධාරින් විසින් අදාළ දැරිය අධිකරණය හමුවට පමුණුවා තිබිණි. වැඩිදුර විභාගය මැයි මස 21 වැනි දින පැවැත්වේ.