ස්විස් බැංකු රහස් හොයන්න එරට විශේෂ නියෝජිතවරියක්

දේශපාලන සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයන්හි ප්‍රබලයන්ගේ අභිරහස් ස්විස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් සිදු කැරෙන විමර්ශනවලට සහය දීම සඳහා ස්විට්සර්ලන්ත රජයෙන් ඉහළ පෙළේ නියෝජිතවරියක මෙරටට එවා ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීමකට අනුව වංචා දූෂණ විමර්ශන ක්ෂේත්‍රයේ ප්‍රබල අත්දැකීම් ඇති ග්‍රේටා ෆෙනර් මහත්මිය මෙරටට එවීමට එරට රජය කටයුතු කර තිබේ.

පසුගිය පෙබරවාරි මාසයේ අන්තර්ජාතික මාධ්‍ය සංවිධාන අනාවරණය කළේ ශ්‍රී ලාංකිකයන් 92 දෙනකු සතුව ස්විස් බැංකු ගිණුම් 129ක් පවතින බවයි. මේ ගිණුම්වල තැන්පත් කොට ඇති මුදල්වල සමස්ත වටිනාකම රුපියල් බිලියන 7.7 ක් පමණ වන බව ගණන් බලා තිබේ.

ශ්‍රී ලාංකිකයන්ට අයත් මෙම ස්විස් බැංකු ගිණුම් සම්බන්ධව රජයේ මූලිකත්වයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කරන බව මෙම අනාවරණයෙන් පසු පාර්ලිමේන්තුවේ කරුණු දැක්වූ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කළේය.

Share this