සේමිණි වෙලේ සුදාගේ වෙබ් කේස් එක හෙළිකරයි

ප්‍රකට මත්කුඩු ජාවාරම්කරුවෙකු වන සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා සමග සම්බන්ධතා පවත්වමින් ඔහුගේ මුදල් ප්‍රවාහනය කිරීමට දායක වූ බවට වෙබ් අඩවියක පුවතක් මගින් සිදුකර ඇති ප්‍රකාශය සාවද්‍ය එකක් බව ජනප්‍රිය නිළි සේමිණි ඉද්දමල්ගොඩ කියයි. ඇය විසින් ඊමේල් පණිවුඩයක් යොමුකරමින් මේබව කියා සිටී.

සේමිණි වැඩිදුරටත් කියා සිටින්නේ ඕපාදූප වෙබ්අඩවියක මධුසංඛ ගනේගොඩ නමින් පලකර ඇති අදාල පුවතට ෆේස්බුක් සමාජ ජාලය හරහා මෙන්ම තවත් ඕපදූප වෙබ් අඩවිද විශාල ප්‍රචාරයක් ලබාදී ඇති බවයි.

ඉන් තමාටත්, තම පවුලටත්, තම කීර්තියටත් විශාල හානියක් සිදුව ඇති අතරම, ඉන් තමාට විශාල පීඩනයක් සිදුවූ බවද එහි දක්වා තිබේ.

අදාල ඊමෙල් පණිවුඩය මාධ්‍යට මෙන්ම ආරක්ෂක අංශ වෙතත් යොමුකර ඇති අතර ආරක්ෂක අංශවෙතින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසද ඉල්ලීමක් කර තිබේ.
යවන ලද ඊමේල් පණිවුඩය පහත දැක්වේ.




Dear Sir,

I write you to inform that Madusanka Ganegoda whose writing articles for Gossip websites and Facebook has posted in Facebook that Semini Iddamalgoda also has been involved in WELE SUDHA's money transportation along with other 5 actresses. 

However this rumor was published in many gossip websites as well after some time.

This rumor has drastically affected my family joy and my social status which causes me very much stress and shame. Would very much appreciate if you could assist with starting a investigation on this and do the needful to clear this rumor please.

For your reference I have attached few screenshots of the articles.

My contact details are as below.
Semini Iddamalgoda
221/14, Madinnagoda Road Rajagiriya.
Tel : 0777 751XXX
Many Thanks,

Semini Iddamalgoda.

Share this