හිටපු ජනපති බලන්න කාල්ටන් නිවසට අවුරුදු නෑ ගමන් ගිය මන්ත්‍රීවරුන් මෙන්න

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිස් දෙදෙනෙකු අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින කාල්ටන් නිවසට අවුරුදු නෑ ගමන් ගියා. 
එලෙස ගිය මන්ත්‍රීවරුන් අතර 
වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම, දිනේෂ් ගුණවර්ධන, ටී.බී ඒකනායක, අරුන්දික ප්‍රනාන්දු, ලක්ෂමන් වසන්ත පෙරේරා, සේනක විදානගම, ජොස්ටන් ප්‍රනාන්දු, සරත් වීරසේකර, සාලින්ද දිසානායක, මහින්දාන්ද අළුත්ගමගේ, විමල් වීරවංශ, රංජිත් සොයිසා, ජයන්ත කැටගොඩ, ගාමිණී ලොකුගේ, චාමික බුද්ධදාස, නාමල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම, සචින් වාස් ගුණවර්ධන, ලොහාන් රත්වත්තේ, නිශාන්ත මුතුහෙට්ටිගම යන මන්ත්‍රීවරු විය.

තේනුක විදානගම, ජී.එල් පීරිස්, එස් .එම්. චන්ද්‍රසේන, මොහාන්ද සිල්වා, ශ්‍රියාණි විජේවික්‍රම, ගීතාංජන ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, ශනී රෝහණ කොඩිතුවක්කු, උදිත ලොකු බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද තංගල්ලේ කාල්ටන් නිවසට පැමිණ සිටියේය.

මන්ත්‍රිවරු කාල්ටන් නිවසේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගී විය. ඉන් අනතුරුව දිවා භෝජන සංග්‍රහයකට ද එක්විය. මෙහි දී මන්ත්‍රීවරුන් මාධ්‍යයට කියා සිටියේ අලුත් අවුරුද්දට අපේ නායකයා බැහැ දැකීමට පැමිණි බවයි.

රෝහිත අබේගුණවර්ධන මහතා මෙලෙස අදහස් දැක්වීය. 

අද මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කරල. මම මෙය බාරදෙන්නේ මේ රටේ ජනත‍ාවටයි. පක්ෂයේ ජෙඨෂ්ඨයින්ට පක්ෂයේ සභාපතිතුමා සලකන්නේ මෙහෙම ද?

එහිදී අදහස් දැක්වූ ජී. එල් පීරිස් මහතා,

අපි අද ගොඩක් දේ සම්බන්ධව සාකච්ඡා කළා අද ආණ්ඩුවත් අර්බුද රැසක ඉන්නවා. අපි පක්ෂය විදියට ඉදිරියේ දී ගොඩාක් දේවල් සම්බන්ධව තීන්දු තීරණ ගත්තා.

වාසු දේව නානායක්කාර මහතා, 


අපේ සහ මහින්ද රාජපක්ෂ මහතාගේ අනාගත දේශපාලනය සම්බන්ධව අපි කථා කලා ඒලේම මැයි දිනය සම්බන්ධව සහ කුරුණෑගල රැස්වීම සම්බන්ධව කතා කළා.

මෙම අවුරුදු නෑගම් යාමට මන්ත්‍රීවරුන්ට අමතර ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාද එක්ව සිටිනු දක්නට ලැබුණි. 
















Share this