නාමල් සහභාගි වූ සමෘද්ධි උද්ඝෝෂණයේදී සජිත්ට ගිනි තියයි [ඡායාරූප සහිතයි]

ඇමැති සජිත්ගේ අනුරුවකටත් ගිනි තියයි

නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාට විරෝධය පළ කරමින් බත්තරමුල්ල සෙත්සිරිපාය සමෘද්ධි අමාත්‍යාංශය ඉදිරිපිටදී අද උද්ඝෝෂණයක් පැවැත්වුණා.

එය සංවිධාන කර තිබුණේ සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමය විසින්. සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා සමෘද්ධි බැංකු අරමුදල දේශපාලන හිතවත්කම් මත විවිධ පුද්ගලයන්ට බෙදාදෙන බවයි උද්ඝෝෂකයන් එහිදී කියාසිටියේ. මෙම උද්ඝෝෂණය සඳහා නාමල් රාජපක්ෂ, ජානක වක්කුඹුර, රංජිත් ද සොයිසා, අරුන්දික ප‍්‍රනාන්දු යන පාර්ලිමේනතු මන්ත‍්‍රීවරු ඇතුලූ‍ දේශපාලන නියෝජිතයන්ද සහභාගීව සිටියා.


















Share this