මත් පෙති දී සිහිසුන් වූ පසු පූජා මිශ්‍රා දූෂණය කරලා

බොලිවුඩයේ නිළියක වන පූජා මිශ්‍රා පසුගිය දිනෙක දූෂණයට ලක්වීමේ පුවතක් ඉන්දීය වෙබ් අඩවි වල පැතිරෙමින් පවතිනවා. මේ පිළිබදව සොයාබැලීමේදි පූජා මිශ්‍රා ඉන්දීය මාධ්‍යයට වාර්තා කර ඇත්තේ එය සත්‍යය බවත් ඇය මේ වන විට පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර ඇති බවයි. 

බොලිවුඩයේ නිළියක මෙන්ම ඉන්දීය නිරූපණ ශිල්පිනියක වන පූජා මිශ්‍රා පසුගිය දිනෙක ඡායාරූප ඇල්බමයක් සදහා රාජස්ථාන් ප්‍රාන්තයට ගොස් තිබෙනවා. එහිදී ඇය එම කාර්යයේ නිරත වීම සදහා එක්තරා හෝටලයකට ගොස් ඇති අතර, එහිදී ඇයට ලබාදුන් සිසිල් බීම බෝතලයක් පානය කිරීමෙන් අනතුරුව ඇය සිහිසුන් වී ඇති බවටයි පොලීසියට පවසා ඇත්තේ. 

අනතුරුව පැය ගණනාවකට පසුව නැවත සිහිය පැමිණි පසු පූජා මිශ්‍රාට ඇගේ ශරීරයේ අමුත්තක් හැඟී ඇති අතර එවිට ඇය නිරුවතින් සිට ඇති අතර ඇය තේරුම්ගෙන තිබෙනවා තමන් දූෂණයට ලක්ව ඇති බවයි.

කෙසේ වෙතත් ඇය පවසන්නේ තමන්ට ලබාදුන් සිසිල් බීම බෝතලයට කිසියම් සිහිසුන් වීමේ බෙහෙතක් කවලම් කර ඇති බවයි. මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇය එක එල්ලේම සොනක්ෂි සින්හා, ඊෂා ගොපිකා සහ සොනක්ෂි සින්හාගේ මවට ද චෝදනා එල්ල කර තිබෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔවුන් තිදෙනා සැක බවට ද ඇය පොලීසියට පවසා තිබෙනවා. ඊට හේතුව ලෙස ඇය පවසා ඇත්තේ තමන්ගේ සාර්ථකත්වයට ඔවුන් තිදෙනා ඊර්ෂියා කරන බවයි.











Share this