කූරගල පුරාවිද්‍යා භූමියේ ඉදිකළ මුස්ලිම් පල්ලිය වෙනත් ස්ථානයකට

කූරගල පුරාවිද්‍යා භූමියේ ඉදිකර තිබූ මුස්ලිම් පල්ලිය එම ස්ථානයෙන් වහාම ඉවත් කර වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට තීරණය කළ බව සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා පවසනවා. 

කූරගල පුරාවිද්‍යාත්මක භූමියක් බවත්, එය සම්පූර්ණයෙන් බෞද්ධ පූජා භූමියක් බවත් සාකච්ඡාවලින් ඔප්පු වුණා. ඒ අනුම මේ පල්ලිය එම ස්ථානයෙන් වහාම ඉවත් කරන්න තීරණය කළා. මෙතෙන්ට ටිකක් එහායින් මුස්ලිම් අයට ලබාදුන් අක්කර 16ක ඉඩමක් තිබෙනවා. එම භූමියට පල්ලිය ගෙන යන්න තීන්දු කරලා තියෙනවා. ඒ අනුව පල්ලිය මෙතැනින් ඉවත් කරන්න තීන්දු කළා. මෙය වහාම ක්‍රියාත්මක කරන්න තමයි අවසන් තීන්දුව ගත්තේ.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට වගකීම් පැවරෙනවා. ඒ අයට ලක්ෂ 10ක්වත් යන්නේ නෑ. පොඩි පල්ලියක් නිසා අපි හරි හදලා දීලා මේක මෙතැනින් ඉවත් කරනවා. මේ දීලා තියෙන ඉඩම දීර්ඝ කාලීන බදු ඔප්පුවක් මත දුන් එකක්. බදු ගෙවලත් නෑ. පුළුවන් තරම් සුහදව මේක බේරගන්න ඒ අයත් එකඟ වෙලා තිබෙනවා. යැයි මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා  පැවසීය. 

මේ පිළිබදව විශේෂ සාකච්ඡාවක් ජාතික උරුමයන් පිළිබද අමාත්‍යාංශයේ ලේකම්, පුරා විද්‍යා දොපර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, රත්නපුර දිස්ත්‍රික් ලේකම් හා සර්වාගමික නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමෙන් පසු මේ තීරණයට එළැඹ තිබෙනවා. 

Share this