ජොන්ස්ටන් ගැනත් පොලිසියේ විශේෂ අවධානය

පසුගිය සමයේ සිදුවී ඇතැයි කියන බරපතල වංචා දුෂණ පිළිබද විමර්ශන වලදී හිටපු අභ්‍යන්තර වෙළෙඳ කටයුතු සහ සමුපකාර ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් ද වැදගත් තොරතුරු රැසක් අනාවරණයවී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසනවා.මිට අදාළ පරීක්ෂණවල මූලික විමර්ශන කටයුතු දැනටමත් අවසන් කොට ඇති බවයි එමආරංචි මාර්ග සදහන් කලේ.රජයේ මුදල් අයථා පරිහරණය කිරීමේ චෝදනාව මත නීතිපති උපදෙස් අනුව අදාළ නීතිමය පියවර ගැනීම ඉදිරි දින කිහිපය තුල සිදු කෙරෙන බව ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කලා.මේ අතර ඔහුට අයත් පුද්ගලික මාධ්‍ය ආයතනයක් මිලදී ගැනීම සදහා කටයුතු කර ඇති ආකාරය සහ එහි භාවිතා කරන ඇතැම් සම්පත් පිළිබදවද පොලිසියේ විශේෂ අවධානයක් යොමුව ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කලේ.මේ අතර හිටපු අමාත්‍යවරයා සහ පුත‍්‍රයා විසින් පසුගිය මැතිවරණ කටයුතු සඳහා ලංකා සතොස ආයතනයේ භාණ්ඩ ලබාගෙන මුදල් නොගෙවා මගහැරීම පිළිබද පරීක්ෂණයක් පවත්වන ලෙසද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ඊයේ නියෝග කරනු ලැබුවා.

Share this