බැසිල් ඇතුලු තිදෙනෙක් අත්අඩංගුවට?

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ,හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් නිහාල් ජයතිලක,දිවිනැඟුම අධ්‍යක්ෂ ජනරාල් රණවක යන මහත්වරුන් කොළඹ,මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව නිල නොවන ආරංචි මාර්ග පවසයි.

මෙම තිදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට සූදානම් වන බව එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ මහතා ඊයේ දිනයේ ශ්‍රී ලංකාවට පැමිණි අතර අද(22)ප්‍රකාශයක් ලබාදීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසයට ගියේය.

එහිදී ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්ය.

කෙසේ වෙතත් සැකකරුවන්ගේ නීතිඥයින් පවසන්නේ තමාටද තම සේවාදායකයින් අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු ලැබුණද මෙතෙක් නිලවශයෙන් දැනුම්දීමක් කර නොමැති බවයි.

Share this