පුටින්ට විරෝධය පා රුසියානු සුරූපිනියක් නිරුවත් වේ

රුසියාවේ ජීවන බර ඉහළ යාමට විරෝධය දක්වමින් සිදුකළ දැන්වීම් මාලාවක් සඳහා සුරූපී නිරූපණ ශිල්පිණියක් වන ලියානා ක්ලෙව්ට්සොවා නිරුවත් වී ඇතැයි වාර්තා වේ.

19 වියැති ලියානාගේ ඡායාරූප අන්තර්ජාලය තුළ ප‍‍්‍රචාරය වීම සමග ඇයගේ ජනප්‍රියත්වය වේගයෙන් ඉහළ ගොස් ඇතැයි පැවසේ.මින් පෙර ලෝක ප‍‍්‍රසිද්ධ වෝග් විලාසිතා සගරාවේ මුල් පිටුව සඳහා පෙනී සිටි ලියානා පවසන්නේ මෙතෙක් තමන් සහභාගීවූ වැදගත්ම කාර්යභාරය මෙය වන බවයි.

ගොලායා ප‍‍්‍රව්දා හෙවත් නිරුවත් සත්‍යය නම් සංවිධානය වෙනුවෙන් නිරුවත්වී ඇති ඇය උකස් අනුපාතික ඉහළ යාම, ඉන්ධන මිල හා ප‍‍්‍රවාහන ගාස්තු ඉහළ යාම දක්වමින් පළකළ දැන්වීම් තුනක් තුළ සිය සළු උනා දමා තිබේ.

ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම, යුක්රේන අර්බුදයට අදාළව පැණවූ බටහි සම්බාධක හා රූබල් මුදල අවප‍‍්‍රමාණය වීම සමග ජීවන වියදම ඉහළ යමින් ඇතැයි පැවසේ.

කෙසේවෙතත් ඉහළ ජනපි‍‍්‍රයත්වයක් දිනාගෙන සිටින රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් රජයට එරෙහිව විරෝධය දැක්වීම සඳහා ලියානා ඉදිරිපත්වීම සුවිශේෂී බව විචාරක අදහසයි.

තම ක්‍රියාව මව විසින් අනුමත නොකළ බව පවසන ඇය දක්වා ඇත්තේ එය සිදුනොකරන ලෙස මව ඉල්ලා සිටි බවයි.  නමුත් ජනතාව මුහුණදෙන ප‍‍්‍රශ්න පිළිබඳ අවධානය වැඩි කිරීමේ අරමුණින් සිය දායකත්වය ලබාදුන් බව ලියානා ක්ලෙව්ට්සෝවා පවසා තිබේ.










Share this