මැණික් ඔටුවා‍ට මොකද වුණේ ?

ජාතික ආරක්ෂක අරමුදල සතු මැණික් ඔබ්බවූ ඔටු රූපයක් ජනාධිපති ‍ලේකම් කාර්යාලය වෙත භාර දුන් බව ‍ලේඛනවල දක්වා ඇතත් එය එහි භෞතිකව පවතින්නේද යන්න පිළිබඳව අරමුදල මේ දක්වාම සොයා බලා නැතැයි එම අරමුදල සම්බන්ධයෙන් වූ විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දක්වා ඇත.

විගණකාධිපතිවරයා විසින් ජාතික ආරක්ෂක අරමුදල සම්බන්ධයෙන් නිකුත් කළ 2012 වසර  සම්බන්ධයෙන් වූ වාර්තාවේ මේ බව දක්වා තිබේ. 

1987 වර්ෂයේදි ජාතික ආරක්ෂක අරමුදල වෙත පරිත්‍යාග වශයෙන් ලැබි තිබුණු එකට රුපියල් 150000 ක වටිනාකමින් යුතු මැණික් ඔබ්බවූ ඔටු රූපය එම වර්ෂයේ සිට මේ දක්වා කාලය තුළ නැවත තක්සේරු කර නොමැති බවද විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සඳහන්වේ.
දේපළ හා උපකරණ සෑම අවුරුදු 03 කට හෝ 05 කට වරක් නැවත තක්සේරු කළ යුතු වුවද ජාතික ආරක්ෂක අරමුදල සතු රුපියල් එක් කෝටි දශ ලක්ෂ තිස් දහසක් වටිනා ඉඩම් සහ රුපියල් හතලිස් පන් ලක්ෂ විසි දහසක් වූ ගොඩනැගිලි 2008 අගෝස්තු 13 දායින් පසු වටිනාකම් තක්සේරු කර නැතැයිද එම වාර්තාවේ දක්වා ඇත.

Share this