මහින්ද දේවත්වයට පත් කරමින් මහින්දගේ නමින් දේවාලයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් දේවාලයක් තම පුද්ගලික ධනයෙන් ඉදිකරන බව කෑගල්ලේ ව්‍යාරිකයෙකු පවසනවා.

මෙම දේවාලය ඉදිකිරීම සඳහා සුදුසු තැනක් නුවර කොළඹ පාරෙන් මේ දිනවල සොයන බවද පවසන ඔහු රට බේරාගත් නායකයා ගැන සදාකල්හිම මේ ශ‍්‍රි ලංකාවේ මිනිසුන් දැන ගත යුතු බවද පවසනවා.

ලොකයක් මවිත කරමින් ත‍්‍රස්තවාදය පරදා රටට නිදහස් උදා කරදුන් ඒ වීර කතාව එම දේවාලයේ සෙල් ලිපියක සටහන් කරන බවද ඔහු කියයි.

ඉතිහාසයේද රට වෙනුවෙන් මහත් සේවාවන් සිදු කල රජවරුන් වෙනුවෙන් දේවාල සාදා ඇති බවද කියු ඔහු තම වැඩිමහල් පුතා යුධ හමුදාවේ සේවය කරමින් සිටියදී සතුරු ප‍්‍රහාරයෙන් මිය ගිය බවත් හමුදාවේ සිටින දෙවැනි පුතා මහින්ද මහත්තයා යුද්ධය අවසන් කළ නිසා දිවි බේරාගත් බවද පෙන්වා දෙනවා.

Share this