පනත ආවැයි කියලා ඖෂධ මිල අඩුවෙන් නෑලූ

ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත සම්මත වුවද ඒ තුළ අත්‍යවශ්‍ය ඖෂධ ලේඛනයක් පිළිබඳව දක්වා නොතිබීම ගැටලූවක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කළේ, ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා විද්‍යාගාර පහසුකම් ඇති කිරීම පිළිබඳව ගන්නා පියවර ද විශේෂ අවධානයට ලක් කර ඇති බවය.

මේ යටතේ ඖෂධ මිලෙහි අඩුවීමක් නිශ්චිත ලෙසම සිදුවේ ද යන්න පිළිබඳව ගැටලූ සහගත තත්ත්වයක් පවතින බව ඔහු ප‍්‍රකාශ කළේය.
කෙසේ වෙතත් ඖෂධ නිෂ්පාදනය, බෙදා හැරීම ඇතුළු කටයුතු විධිමත් ක‍්‍රමවේදයකට සැකසීම නව පනත සම්මත කිරීම තුළ අපේක්ෂා කරන බව රජය පැවසීය.

Share this