දෙව්රම් දායකයෝ පොලිස් රාජකාරියේ

පන්නිපිටිය දෙව්රම් වෙහෙර විහාරාධිපති කොළොන්නාවේ සුමංගල හිමියන් හමුවීමට ගිය තමාගේ දුරකථනයද විසන්ධි කර ධර්ම ශාලාවේ සිර කර ගත් බවට සිරස මාධ්‍යවේදි ජානක ගෝමස් මහරගම පොලිසියට පැමිණිලි කර තිබෙනවා. 

පසුගිය දිනක දෙව්රම් වෙහෙර විහාරස්ථානයට පැමිණි බස් රථයකට යාමට නොදී ප‍්‍රදේශවාසීන් හිරි හැර කර ඇති බවට කොළොන්නාවේ සුමංගල හිමියෝද සුමංගල හිමියන් තම නිවසටම පැමිණ තමන්ට තර්ජනය කළැයි ක‍්‍රිෂාන්ති මහත්මිය මහරගම පොලිසියට පැමිණිලි කර තිබුණා. 

විහාරස්ථානයට නිතරම ලොකු බස් රථ පැමිණෙන බවත් එය තමන්ට හිරිහැරයක් බවත් එම මාර්ගයේ ජීවත්වන පිරිස පවසනවා. මෙම සිදුවීම පිළිබඳව ප‍්‍රදේශවාසින්ගේ අදහස් විමසා විහාරාධිපති හිමියන්ගේද අදහස් විමසීම සඳහා සිරස මාධ්‍යවේදයා එහි ගොස් තිබෙනවා. විහාරයේ සිටි දහයක පහළොවක පමණ පිරිසක් හාමුදුරුවෝ හමුවීමට නොහැකි බවත් පවසා තිබෙනවා.

සිරස මාධ්‍යවේදී ජානක ගෝමස් මහතා මෙසේ කියයි.
‘‘මම සුමංගල හාමුදුරුවන්ගේ ප‍්‍රකාශයක් ගන්න පස්සලට ගියාම මා පරීක්ෂා කළ පන්සලේ සිටි පිරිසක් මගේ හැඳුනම්පත ඉල්ලා සිටියා. මට ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ලබාදුන් හැඳුනුම්පත කල් ඉකුත්ව තිබුණත් ආයතනයෙන් දුන් හැඳුනම්පත තිබුණා. නමුත් ඒ අයට රජයේ හැඳුනුම්පතම අවශ්‍ය බව කිව්වා. හාමුදුරුවන් පැය භාගයකට පමණ පසුව පැමිණෙන තෙක් ඔවුන් ධර්ම ශාලාවේ රඳවා ගත්තා.‘‘

විහාරාධිපති කොළොන්නාවේ සුමංගල හිමියෝ මෙසේ කීහ.

‘‘මේ අය පන්සලට එන විට මා හිටියේ නැහැ. ආපු මහත්තයාගේ මාධ්‍ය හැඳුනම්පතත් කල් ඉකුත් වෙලා. ඒ අතර මාධ්‍ය හැසිරිම පිළිබඳව දෙගොල්ල අතර පොඩි කතා බහක් ඇති වී තියෙනවා. සිර කර ගෙන නැහැ. මා එනතුරු රැස්වීම් ශාලාවට අරන් ගිහින් විතරයි. එතන රැස්වීමක් තිබුණ නිසා දුරකතනය ක‍්‍රියා විරහිත කරගන්න කියලා කියා තිබුණා. ඒක අපේ ක‍්‍රමයක්. මෙයා මාධ්‍යවේදියෙක් කියන එක ගැන අර පිරිස එතරම් දුරට හිතා තිබුණේ නැහැ. මා පැමිණි පසු මගේ ප‍්‍රකාශයත් ලබාදී ඒ මහතා පිටත් කර හැරියා. පොලිසියෙන්ද පැමිණ අපෙන් කට උත්තර ලබාගත්තා.

කෙසේ නමුත් අප විශ්වාස කරන කරන පරිදි මාධ්‍යවේදියාගේ මාධ්‍ය හැඳුනුම්පත කල් ඉකුත්වීම සහ ඔහුට නව හැඳුනුම්පත් නොමැති වීම ඔහුගේ වරදක් නොව. මන්ද මේ වන තෙක් නව වසර සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් මාධ්‍යවේදීන් සඳහා අවශ්‍ය මාධ්‍ය හැඳුනුම්පත් ආයතන කිහිපයකට හැර අනෙකුත් මාධ්‍ය ආයතන වෙත නිකුත් කර නොමැති බැවිනි. එම නිසා පෙර වසරේ මාධ්‍ය හැඳුනුම්පත හෝ තිබුණි නම් මෙලෙස පොලීසිය කළ යුතු රාජකාරී දෙව්රම් වෙහෙරේ දායකයන් කරන්නේ කෙසේද? ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, ජනමාධ්‍ය ඇමැතිතුමනි, මෙයද මාධ්‍ය නිදහස? 

Share this