ජනපති මෛත්‍රී ගුවන්තොටුපලේ දී ජීවිත අවධානමකට මුහුණදෙයි!

රාජපක්ෂ රෙජීමයේ හෙන්චයියන්ගේ තවත් පීචං වැඩක් 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා (25) බීජිං බලා කටුනායක ගුවන්තොටුපල හරහා පිටත්ව යාමේ දී ඒ මහතා ප්‍රමුඛ පිරිසට නිසි ක්‍රමානුකූල ආරක්ෂාවක් සැපයීමට ගුවන් තොටුපළ කළමනාකාරීත්වය අපොහොසත් වී ඇති අතර මේ හේතුවෙන් ජනාධිපතිවරයා ජීවිත අවදානමකට සහ අනතුරකට මුහුණදී ඇතැයි ගුවන් තොටුපොළ සෙසු සේවකයෝ පවසති.

මෙදින ජනාධිපතිවරයා A – VIP lounge එක මඟින් ගුවන් යානයට පිවිසීමට සැලසුම් කර තිබී ඇත. දූත පිරිස ප්‍රධාන VIP lounge එකේ සිට බස් රථ මඟින් B – VIP පිවිස එක්ස්රේ යන්ත්‍ර මඟින් ගමන් මළලු A – 9 දොරටුවේ දී පරීක්ෂා කර ගුවන් තොටුපලට පිවිසීමට නියමතිව තිබුණි.

මේ සැලසුම ගුවන් තොටුපොළ කළමනාකාරිවරයා සහ නියෝජ්‍ය කළමනාකාරවරයා ජනාධිපති ආරක්ෂක අංශය (PSD) එකට දැනුම් දී නොමැත. ඒ නිසා දූත පිරිස ගමන් ගත් බස් රථ ජනාධිපතිවරයා පැමිණීමට නියමිත A – 9VIP lounge එක හරහා ගොස් ගුවන් යානයට පිවිස ඇත්තේ ගමන් මලු එක්ස්රේ මැෂින් එකෙන් පරීක්ෂා කිරීමකින් තොරවය.

දූත පිරිසේ ගමන් මළු ප්‍රධාන VIP මැදිරියේ දී පරීක්ෂාවට භාජනය නොකර ඇත්තේ A – 9 දොරටුවට පිවිසීමේ දී පරීක්ෂාවට භාජනය කරන බැවිනි. ඒ නිසා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගමන් කළ ගුවන් යානයේ පරීක්ෂාවට භාජනය නොවූ ගමන් මලු තිබීම ආරක්ෂාව පිළිබඳ විශාල අවදානමක් බව ද එම ගුවන් තොටුපල සේවකයෝ කියති.

ගුවන් තොටුපළේ කළමනාකරු හා නියෝජ්‍ය කළමනාකරු හිටපු ජනාධිපතිවරයා විදේශ ගමනක නිරත වන විට කිසිදු හිඩැසක් ඇති නොවීමට වග බලා ගෙන තිබෙන අතර, වර්තමාන ජනාධිපතිවරයාගේ විදේශ ගමන්වල දී ඒ අයුරින්ම ක්‍රියා නොකරන්නේ මන්දැයි ගුවන් තොටුපල ‍සේවක පිරිසගේ සැකයට භාජනය වී ඇත.

ඒ අතර නියෝජ්‍ය කළමනාකරු සහ ගුවන් තොටුපලේ හිටපු සභාපතිවරයාත් නිති වි‍රෝධී අකටයුතුකම් රාශියක් ඉටුකර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිටිය දී රාජකාරි කළමනාකාර තනතුරේ සිට දේශපාලන උසස්වීමක් ලැබූ අයෙක් බව පවසන එම සේවකයෝ හිටපු ජනාධිපති ආර්යාව හා ජනපති පවුලේ සියලු දෙනාගේත් බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ගාමිණී සෙනරත්, ලලිත් වීරතුංග යන අයගේ කටයුතු අකුරට ඉටුකර ඇති මොහු දැන් කඩාකප්පල්කාරී වැඩ කරන්නේ දැයි පරීක්ෂා කළ යුතු බව ද පවසති.

Share this