ගත්තේ Macbook එකක් ආවේ පින්තුරයක් !


Ebay එකෙන් මිලදී ගන්නේ බලාගෙනයි

ලෝක ප්‍රසිද්ධ Ebay වෙබ් අඩවිය ගැන අපි කවුරුත් අසා තිබෙනවා. Ebay වෙබ් අඩවියෙන් විවිධ දෑ මිලදී ගැනීමට බොහෝ දෙනෙකු යොමු වන්නේ සාමාන්‍ය වෙළඳපොළට වඩා තරමක් අඩුවෙන් තමාට අවශ්‍ය බොහෝ දෑ මිලදී ගැනීමට ඇති හැකියාව නිසයි. මේ සිදුවීම අපට වාර්තා වන්නේ එංගලන්තයේ Ilfracombe ප්‍රදේශයෙන්. 38 හැවිරිදි පෝල් බැරින්ටන් ට (Paul Barrington) මුහුණ දීමට සිදු වුයේ තමන් සිහිනෙන්වත් නොසිතු සිදුවීමකටයි.

විවාහ මංගල උත්සව වල Dj කිරීමේ ආසාවකින් පෙළුණු මේ පුද්ගලයා තමාගේ සිහිනය සැබෑ කරගැනීමේ අරමුණින් Ebay වෙබ් අඩවියට පිවිසියේ Apple Macbook ලැප්ටොප් එකක් මිලදී ගැනීමටයි. එහිදී ඔහුට අදහාගත නොහැකි මිලකට මෙම වර්ගයේ ලැප්ටොප් එකක් විකිනීමට ඇති බව දැක ගැනීමට ලැබිණ. £1,500 පමණ වන පරිගණකයක් £300 කට විකිණීමට ඇති බව දුටු ඔහු ප්‍රීතියෙන් පිනා ගියේය. මේ දකින්නේ සිහිනයක් දැයි ඔහුට සිතෙන්නට ඇත. බොහෝ කාලයක් රල මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ (surfing) නියුතුව සිටි ඔහු තමන්ගේ surf බෝර්ඩ් එකත් විකුණා දැමුවේ අවශ්‍ය මුදල් ප්‍රමාණය සපයා ගැනීමටයි. නමුත් ඔහුගේ අපේක්ෂාවන් සියල්ල සුනු විසුනු වී යන්නේ ඔහුට ලැබුණු පාර්සලය විවෘත කිරීමෙන් අනතුරුවයි. තමා දෑස් දල්වාගෙන බලාසිටි ලැප්ටොප් පරිගණකය වෙනුවට එයතුල වුයේ ලැප්ටොප් පරිගණකයේ ඡායාරූපයක් පමණි. තමන් වංචාවකට ලක්වී ඇති බව ඔහුට වැටහී යන්නේ එවිටයි.

“මට අවුරුදු 10යේ ඉඳන් Surfboard තිබ්බා. පලවෙනි වතාවට තමයි මගේ ළඟ surfboard එකක් නැත්තේ. ලැප්ටොප් එකකුත් ඕන වුනා. ඒ නිසා මම Ebay එකෙන් මේ අඩුවට තිබ්බ ලැප්ටොප් එක මිලදී ගත්ත. මං මේක මිලදී ගත්ත පුද්ගලයා වසර කිහිපයක් මේකේ සාමාජිකයෙක් වෙලා හිටපු එක්කෙනෙක්. ඇයි මෙච්චර මහන්සි වෙලා මේක කරන්න ඇත්තේ ? මට තේරෙන්නේ නැ, මට නම් හිනා” පෝල් මෙසේ පවසා සිටියා.

තමාට වූ මේ අකරතැබ්බය ගැන Ebay වෙබ් අඩවියේ කළමනාකාරිත්වයට දැනුම් දී ඇති අතරම ඔවුන් පවසා ඇත්තේ මේ පිළිබඳව ඔවුන් ඉතා කණගාටුවන බවත් එම මුදල් නැවත ලබාදීමට, අදාළ කුට වෙළෙන්දා සෙවීමට කඩිනම් පියවර ගන්නා බවයි.
Ebay “Money Back Guarantee” තියෙන නිසා භය වෙන්න දෙයක් නැ, ඔබට මුදල් ආපසු ලබා ගැනීමේ තහවුරු බාවය Ebay විසින් මිලදී ගන්න මොහොතේ සිටම ලබාදේ. Ebay හරහා භාණ්ඩයක් මිලදී ගැනීමේදී “Top Rated” හෝ යම්තාක් තහවුරු භාවයක් ඇති Ebay වෙළෙන්දෝ ගෙන් පමණක් මිලදී ගන්න.




Share this