මිතුරාට වීඩියෝ කරන්නැයි කියා තරඟයට වැවක පිහිනූ තරුණයා දියේ ගිලී මියයන හැටි (වීඩියෝ සහිතයි)

‘‘කට්ටිය කෑ ගැහුවා ළඟට යන්න කියලා ඒත් කවුරුත් ගියේ නෑ‘‘ - හෙෂාන් ගොඩගත් තරුණයා

තරඟයට පිහිනීමට ගොස් සිය ජීවිතයෙන් වන්දි ගෙවූ 19 හැවිරිදි තරුණයෙකු පිළිබඳ මත්තේගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ පොල්ගස්ඕවිට - ඔලුපත්තාව වැවේ දිය නෑමට ගිය හේෂාන් සූරියආරච්චි නමැති තරුණයායි. 

පියා සමඟ පැමිණි හේෂාන් යහළුවන් 12 දෙනෙකු සමඟ ඊයේ පස්වරු 1.00 පමණ වනවිට  පොල්ගස්ඕවිට - ඔලුපත්තාවැවට  දිය නෑමට ගොස් තිබෙනවා. 

හේෂාන් තවත් යහළුවෙකු සමඟ තරඟයට පිහිනීමට ඉදිරිපත්ව ඇත්තේ සෙසු පිරිස දිය නෑමෙන් අනතුරුවයි. තවත් යහළුවෙකුට එය පටිගත කරන ලෙස හේෂාන්  පවසා තිබෙනවා. කෙසේ වෙතත්, පිහිනීම ආරම්භ කර තත්පර 10කට පසුව හේෂාන්ගේ පිහිනීමේ වේගය අඩාල වනවා. 

හේෂාන් බේරා ගැනීමට මිතුරන් දෙදෙනෙකු ඉදිරිපත් වන්නේ ඔහුට පිහිනීමට ශක්තියක් නොමැති බව දැන ගෙන විනාඩි එක හමාරකට පමණ පසුවයි.  හේෂාන් අසළට යහළුවන් දෙදෙනෙකු ළඟා වනවිටත් ඔහු වැව් පතුලට ගොස් හමාරයි. 

මෙහි වීඩියෝව පහතින් නරඹන්න



Share this