නෙස් මට අතවර කළා - ප්‍රීටි සින්ටාගෙන් පැමිණිල්ලක්

පසුගිය වසරේ ජූනි මාසයේ 13 දා ජනප්‍රිය නිළි ප්‍රීටි සින්ටා, මුම්බායි පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. තමන්ගේ පෙම්වතා වූ ව්‍යාපාරික නෙස් වාඩියා තමන්ට අතවර කළ බවටයි පැමිණිල්ලේ සටහන් වුණේ. ප්‍රීටි කියන හැටියට මේ අප්‍රසන්න සිදුවීම ඇතිවුණේ මුම්බායි හි පිහිටි වැන්කේඩ් ක්‍රීඩාංගණයේදී පැවැති අයි. පී. එල්. ක්‍රිකට් තරගයක් පැවැත්වෙන අතරතුරදීයි.

ඒ, 2014 මැයි 30 වැනිදායි. ප්‍රිටි පොලීසියෙහි පැමිණිලි කළේ ජූනි 13 දායි. මේ ගැන වැඩිදුර පරීක්ෂණ කටයුතු තවමත් සිදු කෙරෙමින් පවතිනවා.

“ප්‍රීටි පොලිසියේ පැමිණිල්ලක් කිරිම හරිම කැත දෙයක්. අපිව හෑල්ලුවට ලක්කිරිමක් එයින් සිද්ධ වෙලා තියෙනවා” මෙහෙම කීවේ නෙස් වාඩියායි. ඔහු තම හිටපු පෙම්වතිය ගේ පැමිණිල්ල ගැන එලෙස කතා කළේ මාස 8 කට පසුවයි. නෙස්ගේ එම ප්‍රකාශයෙන් පසුව මාධ්‍ය වෙත කරුණු දක්වමින් කතා කළේ, ඔහුගේ මව වන මොරීන් වාඩියා මහත්මියයි.

ඇය මෙලෙස කියා සිටියා... “අපි, තමන්ගේ පාඩුවේ ජීවත්වන මිනිස්සු. මාධ්‍යවලට හැම තිස්සෙම කතා කරන්න යන්නෙ නැහැ. ප්‍රීටි කරපු දේ නම් අපිට අනුමත කරන්න බැහැ.

ඒක හරිම පහත් වැඩක්. මේ කාරණය ගැන තවමත් පරීක්ෂණ කෙරෙන නිසා මීට වඩා වැඩි යමක් මම මේ වෙලාවෙදි කියන්න යන්නෙ නැහැ...” කවුරුත් දන්නා අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ‘කිංස් ලෙවන් පන්ජාබ්’ කණ්ඩායමේ සම අයිතිකරුවන් වන්නේ ප්‍රීටි සහ නෙස්.


Share this