වාහනයක් ඉස්සූ ටෙලි නිළියට උසාවියේදී ඇප

ව්‍යාපාරිකයෙකු සතු මෝටර් රථයක් අලුත්වැඩියාව සඳහා යැයි රැගෙන ගොස් එයට ව්‍යාජ ලියකියවිලි සකස් කර වෙනත් අයෙකුට විකිණීම සම්බන්ධයෙන් ටෙලි නිළි මනීෂා ශ්‍යාමලී පොලිස් අත්අඩංගුවට පත්ව ඊයේ උසාවියේදී ඇප මත මුදාහැර තිබෙනවා. 
ලක්ෂ ගණනාවක වටිනාකමින් යුත් බව කියන මෙම මෝටර් රථය හිමි ව්‍යාපාරිකයා සමග සමීප ඇසුරක් පැවති කාලයේ ඇය මෙම වාහනය රැගෙන ගොස් ඇති අතර එම තැනැත්තා මින් ටික කලකට පෙර මියගොස් ඇත. ඉන් පසු ටෙලි නිළිය එම වාහනය නැවත අදාළ පුද්ගලයාගේ ඥාතීන්ට ලබාදී නැති අතර ව්‍යාජ ලියකියවිලි එයට සකස් කර මහරගම පිළියන්දල පාරේ ගුරුවරයෙකුට එය විකුණා දමා ඇත.

රැගෙන ගිය වාහනය විශ්වාසය කඩකරමින් නැවත භාර නොදීම සම්බන්ධයෙන් මියගිය ව්‍යාපාරිකයාගේ සොහොයුරා ඇයට එරෙහිව නඩු මගට එළැඹ ඇත්තේ ඉන් පසුවයි. ඔහු ගල්කිස්ස පොලිසියට කළ පැමිණිල්ල මත නුගේගොඩ පාගොඩ පාරේ පදිංචි ටෙලි නිළි මනීෂා ශ්‍යාමලී පොල්වත්තගේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා.
ගල්කිස්ස අධිකරණයට ඇය ඉදිරිපත් කළ පසු රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප දෙකක් මත ඊයේ මුදාහැර තිබෙනවා.
මෙම ටෙලි නිළිය මින් ඉහත ක්‍රෙඩිට් කාඞ්පතක් වැරදි භාවිතය සම්බන්ධ නඩුවක චෝදනාවකටද ලක්ව ඇත. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

Share this