ලොවම කළඹමින් පිරිමියෙකුට නිවුන් දරු උපතක්

අප සමාජයේ සියළු දෙනාම දන්නා පරිදි දරු ප‍්‍රසූතියක් සිදුවන්නේ කාන්තා පාර්ශවයටයි. නමුත් මේ වන විට ලොවට අපූර්ව පුවතක් නිර්මාණය  කරමින් ඉන්දියාවේ පිරිමි පුද්ගලයෙකුට නිවුන් දරු උපතක් සිදුවී තිබෙනවා.

වෛද්‍යවරුන් පවසන්නේ මොහුගේ ජාන අනුව 95%ක්ම පිරිමි අයෙක් බවයි. මොහු උපත ලබා ඇත්තේද පිරිමියෙක් ලෙස වීම විශේෂත්වයක් වන නමුත් ගතිගුණ හා හැසිරීම් කාන්තාවකගේ ස්වරූපය ගන්නා බවටද ඔවුන් පවසයි. එමෙන්ම ඔහුට පිහිටා ඇත්තේ කාන්තාවකගේ ශරීර අවයවයි.

එනමුත් ඔහුගේ ජාන තුලින් 95%ක් පිරිමි ලක්ෂණ පවතින නිසාවෙන් වෛද්‍යවරුන් පවසන්නේ මෙය පිරිමියෙකු සිදුකල දරු ප‍්‍රසූතියක් ලෙසිනුයි. විවාහ වීමෙන් මාස 12ක් පමණ ගතවුනත් දරුඵල නොමැති නිසාවෙන් මොවුන් වෛද්‍යවරුන් හමුවට ගොස් ඇති අතර ඉන් අනතුරුව මෙම නිවුන් දරුවන් උපත ලබා ඇත.

ඔවුන්ද සුවෙන් සිටින බවට වාර්තා වන අතර මෙම දරුවන් දෙදෙනා පිරිමි හා ගැහැණු දරුවන් වේ. වෛද්‍යවරුන් වැඩිදුරටත් පවසන්නේ මීට පෙර මෙවැනිම අහඹු සිඳුවීම් 5ක් මෙලොවින් වාර්තා වී ඇති බවයි. 95%ක පිරිමි ජාන සහිත අයෙකුව විවාහ කරගත් පුද්ගලයා පවසන්නේ මෙම සිදුවීම තමන්ට ප‍්‍රශ්නයක් නොවන බවයි.

Share this