Mega 50 ඇඩ් එකේ හිටිය අසංක ගැන දන්නවද?

අසංක ප්‍රනාන්දුපුල්ලේ.... දංකොටුව ප්‍රදේශයෙන් මෝස්තර නිරූපණ ශිල්පයට යොමූ වූ අසංක මුලින්ම නිරූපණ ක්ෂේත්‍රයට යොමු වන්නේ 2012 වර්ෂයේ BMICH හි පැවැති විලාසිතා දැක්මකට සහභාගි වෙමින්. අනතුරුව රොසෑන් ඩයස් මහත්මියගේ යටත් පුහුණුව ලැබීමට අංසක 2013 වර්ෂයේ එකතු වෙනවා. 

එදා සිට මේ දක්වා ඇය යටතේ පුහුණුවීම් කරමින් මේ වන විට විවිධ විලාසිතා දැක්මන් සඳහා ඉදිරිපත් වී ක්ෂේත්‍රයේ ඉදිරියට පැමිණ තිබෙනවා. BMICH, SELCC, ගලධාරී, හිල්ටන් වැනි ස්ථානයන්හි පැවැති විවිධ විලාසිතා දැක්මන් සඳහා අසංක සහභාගි වී තිබෙනවා. 

මේ අතර අසංක රූපවාහිනි දැන්වීම්වල රංගනයටද දායක වී තිබෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා 50 වෙළෙඳ දැන්වීමටත් සිංගර් මෙගා වෙළෙඳ දැන්වීමටත් මියුසි සඳහා ද රංගන දායකත්වය ලබාදී තිබෙනවා. 

එසේම මේ වන විට තවත් අලුත් නිර්මාණ කිහිපයක තමාට ආරාධනා ලැබී ඇති බවයි අසංක සිරස ගොසිප් එක්ක කිව්වේ. නිරූපණ ක්ෂේත්‍රයේ තවත් ඉදිරියට යාම මෙන්ම රූපලාවන්‍ය ශිල්පියෙක් ලෙස ඉදිරියට යාම තමයි අසංකගේ අනාගත බලාපොරොත්තුව. ඒ වගේම තමාට නිරූපණ ශිල්පය ගැන ගුරුහරුකම් දෙන රොසෑන් ඩයස් මහත්මියත් තම දෙමාපියනුත් ස්තුති පූර්කව අසංක සිහිපත් කරන්නේ ඉතාමත් නිහතමානීවයි. 


Share this