අංගීරස දහම් පාසල් දරුවන්ගෙන් ආදර්ශයක්

නාඋල නාලන්ද අංගීරස දහම් පාසල් දරු දැරියෝ හාරසීයක් හැත්තෑ වියැති වයෝවෘද්ධ මාපියන් අතරින්  හැත්තෑවකට ජීව දානමය පිංකමක් ඊයේ(22) සිදු කළහ.
ප‍්‍රදේශයේ  විවිධ මට්ටම් වල වැඩිහිටි පිිරිස් වෙත ප‍්‍රණිත අහර ලබාදෙමින් සැම අයෙකුටම වටිනා සුදු පිරුවට පුජා කිරිමක් හා ප‍්‍රදේශයේ පුජණිය මහා සංඝරත්නයට දානය පූජා කිරිමක්ද මීට සමගාමීව සිදු කෙරිනි.
ප‍්‍රදේශයේ දරුවන් වැඩිම සංඛ්‍යාවක් දහම් අධ්‍යාපනය ලබන අංගීරස දහම් පාසල ගුරුවරුන් දාසය දෙනෙකුගේ පරිශ‍්‍ර‍්‍රය මත දහම් දැනුම බෙදාදෙන දහම් පියසකි.
අඩුපාඩු රැුසක් පවතින මෙම දහම්පාසල පවත්වාගෙන යැම ස`දහා ප‍්‍රදේශයේ බොහෝ පිරිස් දායකත්වය දක්වන බවත් වසරක් පසා සමාජමය වශයෙන් වැදගත් පිංකම් රැසක් දහම් පාසල හරහා සිදුකරන බැව්ද දහම්පාසලේ ප‍්‍රධානාචාර්ය ඩබ්.එම්.ප‍්‍රියන්ත නීල්(40) මහතා පැවසීය.











Share this