අසුනක් නොලැබුණු ගැබිනි මව බසයෙන් වැ‍ටෙයි

තවත් දින 15කින් දරු පැටවකුගේ මුහුණ බැලීමට පෙරුම් පුරමින් සිටි නව මස් ගැබිනියක අසුනක් නොලැබ බස් රථයේ හිටගෙන යද්දී බස් රථය වංගුවකින් හරවනවාත් සමඟම එයින් ඉවතට විසි වී වැටීමෙන් බරපතළ තුවාල ලබා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මහනුවර මහ රෝහලට මාරු කර යවා ඇත. උලපනේ, මහවිලවත්ත ප්‍රදේශයේ පදිංචි කේ. චන්ද්‍රමාලා නමැති 28 හැවිරිදි ගැබිනියක මෙසේ අනතුරට ලක්ව තිබේ. ඇය සිය මව සමඟ නාවලපිටියේ පැවැති වෛද්‍ය සායනයකට යෑම සඳහා මහනුවර සිට හැටන් දක්වා ධාවනය වන බස් රථයකට ගොඩ වී ඇති අතර ගම්පොළ උලපනේ ප්‍රදේශයේදී බස් රථය වංගුවකින් හරවනවාත් සමඟම දොර ළඟ හිටගෙන සිටි එම ගැබිනි මව බස් රථයෙන් එළියට විසි වී ඇත. එදින සහභාගි වීමට

නියමිතව තිබූ වෛද්‍ය සායනයෙන් පසු ඇය සිය දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගත වීමට සූදානමින් සිට ඇත. වේගයෙන් ධාවනය වී ඇති එම බසය එම වේගයෙන්ම වංගුව ගන්නවාත් සමඟම ඇය එළියට විසිවී වැටී ඇතත් ඒ බව බස් රථයේ රියැදුරු හෝ කොන්‍ෙදාස්තරවරයා දැක නැත. මඳ දුරක් ධාවනය වූ බස් රථයේ සිටි මගීන් කෑ ගසද්දී නතර කර තිබේ. ප්‍රදේශවාසීන් එක්ව හිසට බරපතළ තුවාල ගැබූ ගැබිනි මව මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් නවතා ගම්පොළ රෝහලට රැගෙන විත් ඇත.

එහිදී ඇයගේ තත්ත්වය බරපතළ නිසා මහනුවර මහ රෝහලට මාරු කර යවා ඇත. ගම්පොළ පොලිස් රථ වාහන අංශයේ නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂණ පැවැත්වීමේදී රියැදුරු පමණක් එහි සිට ඇති අතර පසුව කොන්‍ෙදාස්තරවරයා පොලිසියට භාර වී ඇත.

ඔවුන් දෙදෙනා ඊයේ (12දා) ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. ගම්පොළ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ගාමිණී පෙරේරා, ස.පො. අධිකාරි චූලනී වීරරත්න, ගම්පොළ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක යාපා බණ්ඩාර යන මහත්වරුන්ගේ උපදෙස් මත රථ වාහන අංශයේ වැඩබලන ස්ථානාධිපති උ.පො.ප. සමරනායක, පො.සැ. ගුණතිලක (25618) යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

Share this