හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ විද්‍යාව පිළිබද ආචාර්ය උපාධියක් ලබාගැනීම සදහා ක්‍රියා කළ ආකාරය පලිබදව උසස් අධ්‍යාපන අමාත්‍යංශය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙන වෙනම පරීක්ෂණ දෙකක් සිදු කිරීමට තීරණය කර ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරියෙක් සදහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ විද්‍යාව පිළිබදව ආචාර්ය උපාධියක් ලබාගැනීම සදහා ලියාපදිංචියේ සිටම ඉතා බරපතළ විෂමාචාර සිදු කර ඇතැයි දැනට කරන ලද පරීක්ෂණ වලින් සනාථ වී ඇතැයි එම නිලධාරියා සදහන් කළේය. මෙම ආචාර්ය උපාධිය ලබාගැනීම සදහා රාජපක්ෂ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වී ඇති අතර ආචාර්ය උපාධියට පෙර සම්පූර්ණ කළ යුතු දර්ශනපති උපාධිය සම්පූර්ණ නොකොට කෙලින්ම ආචාර්ය උපාධියට ඉදිරිපත්වීමට හැකි ලෙසට හිමිකම් ලබා ගෙන ඇතැයි ද එම නිළධාරියා පැවසීය.
මෙසේ හිමිකම් ලබාදීම සදහා එම විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය එන්. එල්. ඒ කරුණාරත්න සෙනට් සභාවට යෝජනාවක් ඉදිරිපත් කර එහ සම්මත කරගෙන එම වරප්‍රසාදය නාමල් රාජපක්ෂ මහතා වෙත ලබාදී ඇතැයි දැනට කරන ලද මූලික පරීක්ෂණ වලින් සනාථ වී ඇතැයිද හෙතෙම පැවසීය, මෙම කටයුත්තේදී නාමල් රාජපක්ෂ මහතාගේ අධීක්ෂක ලෙස කටයුතු කර ඇත්තේ මහාචාර්ය කරුණාරත්න වන අතර ඔහු උපකුලපති ධූරයට අමතරව භූගොල විද්‍යාව පිළිබද මහාචාර්යවරයකු වීම මෙම කටයුත්තේ ඇති අක්රමිකතාවලට හේතුවී ඇති අතර ඔහු අධික්ෂණය කර ඇත්තේ නාමල් රාජපක්ෂ මහතාගේ ආචාර්ය උපාධිය පිළිබද වීම මෙහි ඇති වෂමාචාරයට තවත් සාක්ෂියක් වී ඇතැයි හෙතෙම සදහන් කළේය. පසුගිය සමයේ නීති විද්‍යාලයේ විභාගයට පෙනී සිටිමින්ද නීතිඥ නාමල් රාජපක්ෂ බරපතළ විෂාමාචාරයන් කර ඇතැයි හෙළිදරුව් වූ අතර එහිදී අධිකරණය ක්‍රියාමාර්ගයක් ගැනීමට උත්සාහ කළ තරුණයාට සිදුවුයේ රට හැර යෑමටය.
එසේම නාමල් රාජපක්ෂ මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහා විශ්වවිද්‍යාලයට නොතේරුණු ශිෂ්‍යාවක් සම්බන්ධයෙන් ලිපියක් ලබා දෙමින් විශ්වවිද්‍යාලයකට ඇතුල් කර ගන්නා ලෙසට කළ ඉල්ලීම සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇතැයිද උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරියා පැවසීය.