මැඩෝනා වේදිකාවෙන් ඇඳගෙන වැටේ (වීඩියෝව බලන්න)

මැඩෝනා නමින් ප‍්‍රසිද්ධ මැඩෝනා ලූයිස් සිකෝන් එදා මෙදා තුර බිහිවූ විශිෂ්ටතම පොප් ගායිකාවක ලෙස හැදින්වේ. අමෙරිකානු සංගීත කර්මාන්ත සංවිධානය විසින් මැඩෝනා විසිවන සියවසේ වැඩිම අලෙවියක් ලද රොක් කලාකාරිණිය ලෙස නම් කර තිබේ.

එසේම ඇය අමෙරිකාවේ වැඩිම අලෙවියක් ලද ගායිකාවන් අතුරින් බාබරා ස්ටෙ‍්‍රයිසෑන්ඞ් ට පමණක් දෙවැනි වී ඇත්තේ ඇල්බම මිලියන 63 ක අලෙවියක් සමග ය. ගිනස් වාර්තා පොතට අනුව ඇය ලොව සාර්ථක ම සංගීතවේදිනිය වන අතර ලොව පුරා මිලියන 200 කට අධික ඇල්බම අලෙවි වී ඇති ඇගේ සමස්ත වටිනාකම ඩොලර් මිලියන 400 ඉක්මවයි.

Brit Awards 2015 උළෙලේදී මැඩෝනා ගීත ගායනා කරමින් නර්තනයේ යෙදෙන අතර තුර වේදිකාවෙන් ඇඳගෙන වැටී තිබේ. ඇය නර්ථනයේ යෙදිමින් පිටුපසට යාමේදී මෙම ඇබැද්දියට මුහුණ පෑමට සිදු වී තිබේ.






Share this