ලිංගික විපර්යාසයට පත් 8 වසරට ඉගෙනගත් අයෙක් නගරාධිපති වෙයි

ඉන්දීය ඉතිහාසයට ඓතිහාසික අවස්ථාවක් සනිටුහන් කරමින් මධු කින්නර් නැමැති ලිංගික විපර්යාසයකට ලක්වූ පුද්ගලයෙක් ප‍්‍රථම වතාවට නගරාධිපති ධූරයකට පත්වී තිබෙනවා.

Chhattisgarh’s Raigarh නම් වන නගර සභාවේ නගරාධිපති ධූරයට පත්ව ඇති මොහු එම තනතුරට තරග වැදී ඇත්තේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසයි. මොහුගේ ප‍්‍රතිවාදියා වී ඇත්තේ ඉන්දීයාවේ ප‍්‍රසිද්ධ දේශපාලන පක්ෂයක් වන භාරතීය ජනතා පක්ෂයේ මහවීර් ගුරුජී වේ.


 පාසැල් අවධියේදී 8 වසර දක්වා පමණක් අධ්‍යාපනය ලබා ඇති මොහු කුඩාකල දුම්රියේ මෙන්ම වීදිවල නර්තනය හා රංගනයේ යෙදී මුදල් උපයාගෙන තිබෙනවා. මොහු විසින් තමන්ගේ ජයග‍්‍රහණය උදෙසා වියදම් කොට ඇත්තේ ඉන්දීය රුපියල් 60,000ක් පමණයි.

ඔහුගේ ජයග‍්‍රහණයට වැඩි වශයෙන් උදව් උපකාර ලබා දී ඇත්තේ නගර වැසියන් විසිනුයි. ඔහුගේ ජයග‍්‍රහණයට හේතු වී ඇත්තේ භාරතීය ජනතා පක්ෂයේ ඇති දූෂණයන් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ. 

Share this