වැස්සට තෙමුණු කොණ්ඩය වේලන අලුත්ම අත්වැසුම

ගැහැණු අයට වුණත් පිරිමි අයට වුණත් තියෙන ප්‍රශ්නයක් තමයි නෑව ගමන් කොණ්ඩය වේලෙන්නේ නැති එක. ඒ නිසා කොල්ලොන්ට දාන Hair Style එකත් හරියට හදාගන්න බැරි වුණාම සෑහෙන්න ප්‍රශ්න. ඊට වඩා ප්‍රශ්න තියෙන්නේ ගෑණු අයට. අලුතින් කියන්න දෙයක් නෑ ගෙදර ඉන්න ඔයාලට වුණත් අක්කලා, නංගිලා කොණ්ඩේ වේලන්න වෙන මහන්සිය ගැන දැකලම ඇතිනේ. 

හැබැයි දැන් ඒ ප්‍රශ්නවලට අලුත්ම විසඳුමක් ඇවිත් තියෙනවා. පර්යේෂකයෝ පිරිසක් විසින් අමුතුම විදියේ අත්වැසුමක් හඳුන්වලා දීලා තියෙන්නේ කාන්තාවන් වෙනුවෙන්මයි. 

මෙහි විශේෂත්වය තමයි සාමාන්‍ය තුවායකින් පිහදැමෙනවා වගේ දෙගුණයකටත් වඩා හොඳින් මේ අත්වැසුමින් කොණ්ඩය පිහිදාන්න පුලුවන් වෙන එක.

ඒ විතරක් නෙවෙයි මේකෙන් කොණ්ඩය වේලන කාර්ය වුනත් කරන්න පුලුවන්. පර්යේෂකයින් පවසන පරිදි මේවා නිපදවලා තියෙන්නේ මයික්‍රෝ ෆයිබර් වලින්ලු. හැබැයි මේ අපූරු අත්වැසුම් තාම අපේ රටේ වෙළදපලේ තියනවද කියලා නම් හොයාගෙන නෑ. ඔයාලත් තියෙනවාද බලලා අපිටත් කියන්න, වැස්සකට තෙමුනත් දැන් ඔය අත්වැසුමක් බෑග් එකේ දාගෙන ගියානම් වැඩේ පහසුයිනේ.



Share this