දයාසිරි සමඟ ගිය 09ක් මෛත‍්‍රී පිළට - දිගම්බරන්ගේ 4ක් ජනපති පිළට

වයඹ පළාත් සභා මැතිවරණයේ දී දයාසිරි ජයසේකර මහතාට සහය පළ කරමින් ආණ්ඩුවට එක්වු එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රීවරුන් 09 දෙනෙකු අද මෛත‍්‍රිපාල සිරිසේන මහතා සමග එක්වුණා.

ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා සමග එක්සත් ජාතික පක්‍ෂය හැර ගිය ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රීවරුන් 07 දෙනෙකු ද අද මෛත‍්‍රිපාල සිරිසේන මහතාට එක්වු බවයි විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක කාර්යාලය පවසන්නේ. මීට අමතරව නිකවැරටිය ප‍්‍රාදේශිය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්‍ධාන මන්ත‍්‍රීවරයෙකු ද අද මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග එක්වුණා.

මේ අතර හිටපු නියෝජ්‍ය අමාත්‍ය පී. දිගම්බරන් මහතා නියෝජනය කරන ලංකා කම්කරු එක්සත් පෙරමුණේ ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රීවරුන් 04 දෙනෙකු අද ජනාධිපති මහින්ද රාජපෂක්‍ෂ මහතාට සහය පළ කළා. ඔවුන් ඒ බව පැවසුවේ එක්සත් ජනතා නිදහස් සන්‍ධානය කොළඹ අද පැවැත්වු මාධ්‍ය හමුවක දීයි.

පී. දිගම්බරන් මහතා මීට පෙර සිය නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් වී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග එක්වුණා. එහෙත් තමන්ට එම තීරණයට එකඟවිය නොහැකි බවයි අද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහය පළ කළ මන්ත‍්‍රීවරුන් කියා සිටියේ.

ඔවුන් සමග ලංකා කම්කරු එක්සත් පෙරමුණට සම්බන්ධ වෘත්තිය සමිති ක‍්‍රියාකාරීන් 03 දෙනෙකු ද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අද සහය පළ කළා.

Share this