තිරිමාන්න - රුක්ෂානි එක වහළක් යටට

 ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න ඊයේ (17) විවාහ දිවියට එළැඹ තිබෙනවා. ඒ රුක්ශානි හරිස්චන්ද්‍ර සමගින්. රුක්ෂානි සහ තිරිමාන්න ආදර සබ‍ඳතාව අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සඳහා උපකාරක පන්ති යන අවදියේ සිටම ඇති වූ ආදර සම්බන්ධයක ප්‍රතිඵලයක් මල්ඵල ගැනීමක් ලෙස මෙම විවාහය දැක්විය හැකියි. 

අපි දෙන්න එකම පන්තියේ ඉගෙන ගත්තේ. මම මුලින්ම එයා දැක්කේ රසායන විද්‍යා පන්තියේදී. පස්සේ අපි හොඳ මිතුරන් වුණා. පසුකාලිනව ඒ මිතුදම ආදර සම්බන්ධයක් බවට පෙරළුණා. එහෙම තමයි අපේ ආදර කතාව කියල තමයි තිරිමාන්න කිව්වේ. 
රුක්ෂානි මේ වන විට මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ ගුරුවරියක් ලෙස සේවයේ නියුක්ත වනවා. 















































Share this