සෝනි පික්චර්ස් වෙත සයිබර් ප්‍රහාරයක්

සෝනි පික්චර්ස් වෙත එල්ල වූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඔවුන් නිකුත් කිරීමට සිටි නවතම චිත්‍රපටයද ඇණහිට ඇති බවත්, එය රටේ ජාතික ආරක්ෂාවටද දැඩි තර්ජනයක් බවත් ඇමෙරිකාව කියයි.

ධවල මන්දිර ප්‍රකාශකයෙකු කියා සිටියේ ඇමෙරිකාව විශ්වාස කරන ආකාරයට මෙම සයිබර් ප්‍රහාරය නවීන ක්‍රියාකරුවෙකුගේ වැඩක් බවයි. නමුත්, ඊට උතුරු කොරියාවේ සම්බන්ධයක් පවතීද යන්න ඔවුන් ප්‍රකාශ නොකිරීමට වගබලා ගත්තේය.

උතුරු කොරියානු නායකයා පිළිබඳ හාස්‍යෝත්පාදක චිත්‍රපටයක් සෝනි පික්චර්ස් විසින් එළිදැක්වීමට නියමිතව තිබුණත්, හැකර්වරුන්ගේ තර්ජනය හේතුවෙන් ඒ පිළිබඳ සම්මුඛ සාකච්ඡාව ඔවුන් ඉවත් කර ගත්තේය.

නමුත්, හැකවර්වරුන් දැනටමත් සෝනි පරිගණක තුළ තැන්පත් කර ඇති වඩාත් සංවේදී තොරතුරු රැසක් නිකුත් කර ඇති බව පැවසෙයි.

9/11 ත්‍රස්ත ප්‍රහාරය සිහිපත් කරන එම හැකර්වරු පවසන්නේ, චිත්‍රපටය එළිදක්වන්නේ නම් ලෝකය එවැනිම අනතුරකට යළි පත්විය හැකි බවයි.

Share this