ඉන්දුනීසියාවේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් සිටිය දී අතුරුදහන් වූ ‘AirAsia’ ගුවන් සමාගමට අයත් යානය සොයා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර තිබේ.
මගීන් එකසිය හැට දෙදෙනෙකු සමඟ මෙම ගුවන් යානය අතුරුදහන් වූයේ අද (28 වැනිදා) උදෑසනයි.
මගීන්ගෙන් වැඩි පිරිස ඉන්දුනීසියානු ජාතිකයන් වන අතර දකුණු කොරියානු ජාතිකයින් තිදෙනෙක් සිංගප්පූරු ජාතිකයෙකු සහ මැලේසියානු ජාතිකයෙකු ද එහි සිටි බව විදෙස් වාර්තාවල සඳහන්. අතුරුදන් වු පිරිස අතර කුඩා දරුවන් 16 දෙනෙකු සහ එක් ළදරුවෙකු වන බව ඒයාර් ඒෂියා ගුවන් සේවය නිවේදනය කර තිබේ.
QZ 8501 දරන යානය ඉන්දුනීසියානු වේලාවෙන් උදෑසන 5.35ට ගුවන්ගත කර ඇති අතර උදෑසන 7.24ට එය පාලක මැදිරිය සමග තිබූ සබඳතාවලින් ගිලිහී ගොස් තිබිණ.
යානය අතුරුදන් වීමට සුළු මොහොතකට පෙර එහි ගුවන් නියමුවා යානය ගමන් මග වෙනස් කිරීම සඳහා පාලක මැදිරියෙන් අවසර ඉල්ලා තිබේ. ඒ වන විට අදාල ගුවන් යානය පොළවේ සිට අඩි 32,000ක් ඉහළ අහසේ පියාසර කරමින් තිබී ඇති අතර ගුවන් පථය පැහැදිලි නොමැති බැවින් එය අඩි 38,000ක් ඉහළින් පියාසර කරවීමට අවසර ඉල්ලා ඇති බව බලධාරීන් උපුටා දක්වමින් ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කර තිබේ.
කෙසේ වෙතත් යානය සෙවීමේ මෙහෙයුම්වලට අයහපත් කාලගුණය දැඩි ලෙස බාධා පමුණුවා ඇති බව ඉන්දුනීසියානු හමුදාව ප්‍රකාශ කර ඇත.