එයාර් ඒෂියා ගුවන් යානයේ මගීන්ගේ මළසිරුරු 40ක් හමුවෙයි

පසුගියදා හදිසියේ අතුරුදන් වූ එයාර් ඒෂියා ගුවන් යානය සෙවීමේ කටයුතු මේ වන විට ක‍්‍රියාත්මක වෙමින් පවතිනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට මේ වන විට ගුවන් අනතුරෙන් මියගිය පුද්ගලයින් 40 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇති අතර ඒවා බෝර්නියෝ අයිලන්ඞ් වෙරළ තීරයේ තිබී හමුවී තිබෙනවා.

එමෙන්ම ගුවන් යානයේ බවට සැකකල හැකි හදිසි දොරටුවක්, ජීවිතාරක්ෂක බෝට්ටුවක් මෙන්ම ජීවිතාරක්ෂක ජැකට් කිහිපයක්ද සොයාගෙන ඇති අතර ඉන්දුනීසියානු රූපවාහිනී ඔස්සේ මියගිය අයගේ සිරුරුද පෙන්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ.















Share this