Showing posts with label Astrology. Show all posts
Showing posts with label Astrology. Show all posts

Horoscope predictions for Guru maruwa

අගෝස්තු 11දා සිදුවන ගුරු මාරුව ඔබට කොහොමද?

සෞරග්‍රහ මඬුල්‍ලේ කැපී පෙනෙන ග්‍රහයෙක් වන බ්‍රහස්පති විශ්ව කේන්ද්‍රයේ හෙවත් මේෂය මුල්කරගත් මූල කේන්ද්‍රයේ ධර්මස්ථාන අධිපතියාය. එමෙන්ම මෝක්ෂස්ථානාධිපතියාය. ලංකා කේන්ද්‍රය අනුව සැලකුවහොත් ගුරු ධන අය භාව අධිපතියාය.

ජීව යනුවෙන් නම් කරන බ්‍රහස්පති ජීවාරක්ෂක හෙවත් ඕනෑම ජන්මියකුගේ ජීවිතය සුරකින්නා ලෙස ද නම් කෙරේ. මොහු දෙවියන්ට ද ෂිවරුන්ට ද ගුරුවරයකු යැයි ‍ජ්‍යොතිෂ සාහිත්‍යයේ දැක්වේ.

ගුරුට නමස්කාර කරන ස්ලෝකයක දැක්වෙනුයේිදේවානාංච ෂිනාංච ගුරුං කාංචන සන්නිභම්’ යනුවෙනි. දෙවියන්ට ද, ෂිවරුන්ට ද ගුරුවරයා වන බ්‍රහස්පති කාංචන හෙවත් රන්වන් වර්ණයෙන් යුක්තය යන්න මෙතුළින් ගම්‍ය වේ. මහා ප්‍රාඥයා සහ ධර්මධරයා වන බ්‍රහස්පති උත්තරීතර ආධ්‍යාත්මික ඥානයට ද කාරකයාය.

අප බුදුරජාණන් වහන්සේ කසාවත භික්ෂූන්ගේ වස්ත්‍රය ලෙස තෝරා ගනු ලැබුවේ ග්‍රහ සිද්ධස්ථානයන්ට අනුකූලව විය හැක. ගුරුගේ වර්ණයෙන් යුක්ත වන කසාවත අධ්‍යාත්මික  ගවේෂණයේ යෙදෙන්නන්ට සුදුසු යැයි උන්වහන්සේ සැලකුවා විය හැක. එම වස්ත්‍රධාරීන්ට ප්‍රඥාවට කාරක, ආධ්‍යාත්මයට කාරක, මෝක්ෂයට කාරක ගුරුගේ ආකර්ෂණය නිතැතින් ලැබෙනවා විය හැක.

මෙවැනි සුවිශේෂත්වයන් උසුලන බ්‍රහස්පති වසර 12කින් පසු 2016 අගෝස්තු 11 දා රාත්‍රී 11.21ට කන්‍යා රාශියට පැමිණෙයි. මූල කේන්ද්‍රය පරිදි එය අරිටු භාවයකි. ලංකා කේන්ද්‍රය අනුව ද එය අරිටු භාවයකි. ඒ, ඒ තැන් 6, 8 වන බැවිනි. ‍ජ්‍යොතිෂයේ හරවත් බව හා ශාස්ත්‍රීයත්වය නොදන්නා මුග්ධයෙකු මිස ශුභ නැකතක දී පවා ගුරු 6, 8 තැන්වල තබා නැකත නොගන්නේ එය ඉතා අරිටු නිසාය.ිජීවශ්‍යා මෘත්‍ය ශෂ්ඨා.. නිත්‍යං වෛමෘත්‍ය යෝගං මරණ භය කරං නින්දිතං සර්ව කාර්යේ’ යනුවෙනි. මෙය ‍ජ්‍යොතිෂයෙහි ප්‍රවීණයෝ දනිති.

මේ ආදී වශයෙන් බ්‍රහස්පති හෙවත් ජීව ලෝක කේන්ද්‍රයෙහි හය වැන්නේ ද ලංකා කේන්ද්‍රයේ අට වැන්නේ ද ගමන් කරන බව කිව යුතුය. මේ ආකාරයට රටට හා ලෝකයට ද සාපේක්ෂව යහපත් ගමනක නොයෙදෙන බ්‍රහස්පති තම විරුද්ධකරුවකු වන බුධගේ කන්‍යා රාශියට පැමිණෙනුයේ තමාට හිමි භවනයෙන් සම සප්තමව ඇති ප්‍රත්‍යක්ෂ වෛරීභාවයක් හඟවන කන්‍යා රාශියටම බව දත යුතුය. මෙනිසා ගුරුගේ ගමන එතරම් යහපත් යැයි පැවසීමට පුළුවන්කමක් නැත. එසේ වුවත් මතෛක් රාහු සමග සංයෝග වෙමින් ගුරු චණ්ඩාල යෝගය උදා කළ බ්‍රහස්පති නවග්‍රහයන්ගේ අසික්ෂිත ග්‍රහයා වන රාහුගෙන් ඉවත්වීම නම් ශුභදායකය.

ගුරුවරුන්, බහුශ්‍රැතයන්, ශ්‍රමණ පූජකයන් ආදීන් නියෝජනය කරන බ්‍රහස්පති මතෛක් ගමන් කළේ චණ්ඩාලයා නමින් හඳුන්වන රාහු සමගය. ගුරු රාහුගෙන් ඉවත්වීම එක් අතකින් ගුරුගේ ගෞරවනීයත්වය රැකීමකි. ඉහත කී සමාජ කොටස්වලට කලක් තිස්සේ ඇති වූ අවමානය අපකීර්තිය මේ නිසා තරමක් දුරට හෝ අඩු වේ.

රටක් වශයෙන් සලකන කල බ්‍රහස්පති ලංකා කේන්ද්‍රයේ අටවැන්නට පැමිණීම අයහපත් නමුදු ත්‍රිකෝණ දෘෂ්ටියෙන් මහජනතාව නියෝජනය කරන හතරවැන්න ඔහු දකින නිසා ජනතාවට යහපතක් ද සිදු වේ. කිසියම් විදියක සමෘද්ධියකට ද මග පාදයි. නිවාස, කෘෂිකර්ම, වාරිමාර්ග, උසස් අධ්‍යාපනය වැනි අංශවල ප්‍රගමනයත් ප්‍රබෝධයත් ඇති කරයි. ශිලවෘද්ධ වයෝවෘද්ධ යතිවරයාණන් වහන්සේලා කීප නමකටම අපල ගෙන දේ. බ්‍රහස්පති මීට පෙර කන්‍යා රාශිගත වූ අවස්ථා අතර, එනම් වසර 12න් 12 එවැනි තත්ත්වයට පත් වූ අවස්ථා කීපයක අතීතය විමසීමේ දී යම් යම් ඛිදෙජනක සිද්ධීන් ඇති වූ බව කිව යුතුය.

මෙම බ්‍රහස්පතිගේ ගමන රාජ්‍යමය හා විපක්ෂමය වශයෙන් ද සැලකීමේ දී යම් යම් නායකයන්ට ශුභඵලත් තවත් අයකුට අශුභඵලත් ගෙනදීමේ අවකාශ ඇත. බ්‍රහස්පති ග්‍රහයන් අතර ශේෂ්ඨයා ලෙස සලකන නිසා ඔහුගෙන් ලැබෙන හොඳ හෝ නරක රටට ලෝකයට ආදර්ශයක් බවට පත් වේ. ප්‍රචණ්ඩත්වය, තර්ජනය වැනි දෑ ඇතිවන අවස්ථාවල දී ඒවා කුමන ආකාරයෙන් හෝ මර්දනය වන ස්වභාවයක් ගුරු ඇති කරයි. ලෝකය සම්බන්ධයෙන් සලකන කල ගුරු මාරුව එතරම් සතුටුදායක නොවේ. විශ්ව හෙවත් මූල කේන්ද්‍රයේ 6 වැන්නට පැමිණෙන බ්‍රහස්පති ලෝක සාමයට බාධා, සමය සමයාන්තර බෙදීම් මත ඇති කරන සටන් මෙන්ම ලෝකයෙහි ප්‍රධාන පෙළේ පුද්ගලයන්ගේ ඝාතන වැනි දුක්මුසු පුවත්වලින් යම් යම් වේදනාකාරී වාතාවරණයක් ඇතිකරලීමට මග පෑදේ.

බ්‍රහස්පතිගේ ගමන ඒ ඒ ලග්නවලට බලපාන්නේ කෙසේ දැයි මීළඟට සලකා බලමු.

සිංහ රාශියේ ගමන් කළ ගුරු රාහුගෙන් ද වෙන් වී කන්‍යාවට පැමිණ 2017 සැප්තැම්බර් 12 දක්වා එම රාශියේ ගමන් කරනු ඇත. මෙම ගුරු ඔක්තෝබර් 10 වෙනිදා අස්තයෙන් මිදීම 2017 පෙබරවාරි 06 වනි දා වක්‍රවීම 2017 ජූලි 09 දින නිවෘත වීම ආදී වෙනස්වීම්වලට භාජනය වේ. පෙබරවාරි 06 වක්‍ර වී ජූලි 09 නිවෘත වන තෙක් කාලයේ දී ගුරුගේ ප්‍රකෘති යහපත් ගුණාංගවල වෙනසක් යම් යම් ආකාරයෙන් ඇති කරයි.

මේෂ - උත්සාහයෙන් බාධා මැඬගත යුතුයි

යෝගකාරක භාග්‍යස්ථානාධිපති වූ ත්‍රිකෝණ භාවයේ සිට පැමිණෙනුයේ ණ භාවයක් වන 6 වැන්නටය. මෙය අශුභ නමුදු ගුරු චණ්ඩාලයෙන් මිදීම ශුභය. යම් යම් බාධා කරදර අසහන ගැටලු‍ ප්‍රශ්න සහිතයි. එහෙත් කිසියම් ආකාරයකින් බුද්ධිමත්ව ක්‍රියා කිරීම තුළින් අභිමතයන් සපුරා ගත හැක. ලග්නාධිපති කුජ සැප්. 18 වැනි දා සිට භාග්‍යස්ථානගතවීමෙන් කාලාන්තරයක් තිස්සේ පැවැති පීඩනකාරී තත්ත්වයන් ඉවත් වේ. ඒ නිසා ගුරු මාරුව අනෙක් ග්‍රහයන්ට සාපේක්ෂව යහපත් පැත්තට හරවා ගත හැක.

භාග්‍යස්ථානාධිපති ගුරු 6 වැන්නේ සිටිමින් නමුදු ත්‍රිකෝණ දෘෂ්ටියෙන් දසවැන්න දැකීම නිසා රැකියා කටයුතුවල ප්‍රගතියක් ආයාසයෙන් ලබාගත හැක. මුදල් හදල් සම්බන්ධ බාධා ඇතත් ගුරු ධනස්ථානය දැකීම නිසා විමසිලිමත් වීමෙන් ආර්ථික ප්‍රශ්න විසඳාගත හැක. සෙනසුරු 8 වැන්නේ ගමන් කිරීමෙන් හා ගුරු 6 වැන්නේ ගමන් කිරීමෙන් බාධා කරදර ලෙඩදුක් පීඩා වැනි අනවශ්‍ය ප්‍රශ්නවලට මැදි වීමෙන් අයහපත් වාතාවරණයක් ඇති කරතත් මාස 7ක් තිස්සේම අටවැන්නෙහි සෙනසුරුගේ පීඩාවෙන් යුක්තව ගමන් කළ ලග්නාධිපතියා ඉන් ඉවත්ව සාධනීය භාවවල ගමන් කිරීමෙන් කිසියම් ප්‍රගතියක් ලැබිමට අවකාශ යෙදේ. අධ්‍යාපනයේ නියුක්ත වන්නන් උත්සාහයෙන්ම කටයුතු කළ යුතුය. බාධාවන් ඇති හෙයිනි.

වෘෂභ - භාග්‍ය වාසනාව ඉස්මතු වේ

4 වැන්නේ ගමන් කරන බ්‍රහස්පති ඉන් ඉවත්ව පස්වැන්නට පැමිණීම හිතකරය. ගුරුට ගෝචරයෙන් 5 වැන්න ශුභ නිසාය. එහෙත් 8 අධිපති වශයෙන් 5 වැන්නේ ගමන් කිරීම ගැන සැලකිලිමත් විය යුතුයි. රැකීරක්ෂා ආදායම් මාර්ග සාර්ථක වේ. හිතමිතුරන්ගේ විරුද්ධවාදීකම් තුනී වේ. දරුලාභ බලා‍පොරොත්තු වන්නන්ට හොඳ කාල සීමාවකි. විවාහ මංගල යෝගයන් ද සක්‍රිය කරයි. කෙසේ නමුත් 8 අධිපතිගේ ගමන නිසා හැම විටම දුරදර්ශීව ක්‍රියා කළ යුතුයි.
බ්‍රහස්පති 9 හා ලග්නය දකිමින් ගමන් කිරීම තුළ අධ්‍යාපනයේ නියුක්ත වන අයට හිතකර වාතාවරණයක් ගෙන දේ. උසස් අධ්‍යාපනය බලා‍පොරොත්තු වන්නන්ට ඒ සඳහා ඉඩකඩ ලැබෙන අතර විදෙස් ශිෂ්‍යත්වයන්ට ද අවස්ථාව යෙදෙනු ඇත.

ගුරු 5 වැන්නේ ගමන් කරමින් ලග්නය දැකීමේ ප්‍රතිඵලයක් වශයෙන් අනාගතය පිළිබඳ දුරදර්ශී සිතිවිලිවලින් කටයුතු කිරීමට හැකියාව ඇත. තම සැලසුම් අනාගතයට පලදායක වන්නේය. අයස්ථානාධිපතියා වශයෙන් 5 වැන්නේ බ්‍රහස්පති ගමන් කරන නිසා ලොතරැයි දිනුම් හෝ වෙනත් අනපේක්ෂිත මාර්ගයේ ධන ලාභයන් ඇති කළ හැක. ප්‍රහර්ෂණය, ප්‍රතිභාව නියෝජනය කරන ස්ථානය වන 5 වැන්නේ ගුරු ගමන් කිරීම නිසා තමාගේ කුසලතාවන් ඔප්නැංවීමත් යම් යම් විනෝදය සතුට ගෙනදෙන නිර්මාණයන්හි උද්දීපනයක් මේ නිසා ඇතිවිය හැක.

මිථුන - ජීවිතයේ ප්‍රබෝධයන් ගෙන දේ

ගුරු ඉතාමත් අශුභ භාවයක සිට පැමිණෙනුයේ 4 වැන්නටයි. ගෝචරයේ දී ගුරුට 4 වැන්න විශිෂ්ට ප්‍රතිඵල ගෙන නොදුන්නත් තුන්වැන්නට වඩා යහපත්ය. මෙවැනි කේන්ද්‍ර හිමියන්ගේ චන්ද්‍රයා 3, 6, 8, 10, 12 ආදී ස්ථානවල සිටින්නේ නම් චන්ද්‍ර ලග්නය අනුව බ්‍රහස්පති ඉතා ශුභ ලෙස ගමන් කිරීමේ ප්‍රතිඵලය මත පැවැති අසහන පීඩා දුක් දොම්නස්, කරදර, සංතාපයන් මුළුමනින්ම අහෝසි වී ස්වකීය අභිමතාර්ථයන් පලගන්වනුයේ විරුද්ධවාදීන් මුළුගන්වමිනි. සමස්තයක් වශයෙන් ගුරුගේ මාරුව යහපතට මග සලසයි. යම් යම් අසහන පීඩා මධ්‍යයේ නමුදු සුබසෙත උදා කෙරේ.

ඉඩකඩම්, වෘත්තීය සම්බන්ධ ගැටලු‍ ඥාති බන්ධු ප්‍රශ්න මධ්‍යයේ නමුදු විශේෂයෙන් යහපතට මග පාදන්නේය. දූ දරුවන්ගේ අභිවෘද්ධියට වැඩකටයුතු සැලසේ. මෙය සෞඛ්‍ය තත්ත්වයේ යම් යම් ඌනතාවන් ඇති කරන කාරණයකි. උණ, සෙංගමාලය හා කොලෙස්ටරෝල් වැනි පීඩාවන් ගැන කල්පනාකාරී විය යුතුයි. විවාහාපේක්ෂාවෙන් සිටින අය සඳහා ඊට අවස්ථාව පෑදෙනු ඇත. විශේෂයෙන්ම අධ්‍යාපනයෙහි  නිරත වූවන්ට විභාග සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජයග්‍රහණ ලැබිමට මෙය හොඳ අවස්ථාවකි.

කටක - කල්පනාකාරීව ක්‍රියා කළ යුතු අවධියක්

බ්‍රහස්පති තුන්වැන්නට පැමිණේ. මෙම භාවය ගුරුට අයහපත් යැයි ග්‍රන්ථාන්තරගතයි. මේ නිසා ගුරුගෙන් ලැබෙන අනිටු විපාක සමනය කරගැනීම සඳහා ඔබ ගුරුට හිමි වෘක්ෂය වන බෝධිය නමස්කාර කොට නැතහොත් බෝධිපූජා තබා ගුරුට හිමි කවචය සජ්ඣායනය කළ යුතුයි. කටක ලග්න හිමි ඔබ සෙනසුරු ආදීන්ගේ ගමන ද ගැන සලකා අලු‍තෙන් වැඩක් ආරම්භ කිරීම ගැන දෙවරක් සිතන්නට සිදු වේ. ගැටලු‍ ප්‍රශ්න බාධා උද්ගතවීමේ ප්‍රවණතාව සහිතයි.
මේ කෙසේ වුවත් ‍ලේඛකකාරකාදීන්, ග්‍රන්ථ කතුවරුන්, පුවත්පත් ක්‍ෂේත්‍රයේ නියුක්ත වන්නන්, සන්නිවේදනයන් සම්බන්ධයෙන් ගුරුගේ ගමන අහිතකර නොවන්නේය. එම වෘත්තීය ක්‍ෂේත්‍රයන්ට තුන්වැන්න දායක වන නිසා ගුරුගේ පැමිණීමෙන් ඊට අදාළ පිබිදීමක් ගෙන දේ. සෞඛ්‍ය තත්ත්වය ගැන කටක ලග්න හිමියෝ විමසිලිමත් විය යුතුව ඇත. හෘදයාබාධ, මේදය සම්බන්ධ පීඩා වැනි දෑ වළක්වාලීමේ ප්‍රතිකර්මවලට මුල්තැන දෙන්න. අධ්‍යාපනයේ නියුක්ත වූවන්ට මෙය මධ්‍යස්ථ ප්‍රතිඵලදායකය. විවාහාභිමුඛව සිටින්නන් සඳහා ආයාසයෙන් නමුදු මංගල යෝජනා ස්ථිර කරගැනීමේ ප්‍රවණතාවන් ඇති කරයි. කල්ගත වූ විවාහ ඉෂ්ටසිද්ධ වීමට අවකාශ ඇත.

සිංහ - බෙහෙවින් විශිෂ්ට ප්‍රතිඵල ගෙනදේ

ලග්නගතව පීඩා අසහන ප්‍රශ්න මතු කරමින් ගමන් කළ බ්‍රහස්පති ධනස්ථානය හෙවත් කුටුම්භස්ථානය වෙමින් ලග්නයෙන් දෙවැන්නට පැමිණීම මහත්ඵල මහානිසංසයන් ගෙන දෙන්නකි. වෘත්තීය සාර්ථකත්වය, ධනෝපායන මාර්ග සරුසාර වීම, ඔළුවේ තිබූ බර අඩුවීම, සිතට සහනයක් ලැබිම මෙන්ම ගෙදරදොරේ ජීවිතයේ සාර්ථකත්වය ඇති කරන කාලයක ආරම්භයකි. පහ අධිපති ගුරු ලග්නාධිපතිගේ ද මිත්‍රයා වෙමින් දෙවැන්නට පැමිණීමෙන් කාලාන්තරයක් තිස්සේ ඔබ සිතූ පැතූ අරමුණු අපේක්ෂා ඉෂ්ටසිද්ධවීමේ අවකාශයක් ඇති කළ හැක. ගුරු පවු‍ලේ සමෘද්ධියට ද බෙහෙවින් අතහිත දේ.

දැනට සෙනසුරු ශනි කණ්ටක දෝෂය සහිතව ගමන් කිරීමෙන් ප්‍රශ්න ඇතිවීමට අවකාශ ඇතත් මේවා ක්‍රමයෙන් තුනීවනු ඇත. විවාහාපේක්ෂකයන්ට මංගල යෝග සහිතයි. අධ්‍යාපනයේ නියුක්ත වූ අයගේ ප්‍රතිඵල සුබදායක වනු ඇත. දූ දරුවෝ ඉහළ මට්ටමේ තනතුරු ලබන අය බවට පත්වන නිසා සිංහ ලග්න හිමි වැඩිහිටි මාපියෝ ලොකු සතුටක් ලබනු ඇත. සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සැලකීමේ දී පෙරට වඩා යහපත් බවක් ඇති කරතත් ගැස්ට්‍රයිටිස්, කොලෙස්ටරෝල් වැනි පීඩාවන්ගෙන් පෙළෙන්නන් පරීක්ෂාකාරී විය යුතුය. ඊට සුදුසු වෛද්‍ය ප්‍රතිකර්ම ලැබේ.

කන්‍යා - කල්පනාකාරී වීමෙන් බාධා මැඬගත හැක

බාධකස්ථානාධිපති මෙන්ම කේන්ද්‍රාධිපති දෝෂයෙන් යුත් බ්‍රහස්පති තම ස්වක්‍ෂේත්‍රයෙන් සප්තමයට පැමිණේ. එය ප්‍රතිවිරුද්ධ ස්ථානයකි. එහෙත් මෙම ගුරු ග්‍රහලොව ශේෂ්ඨයෙක්ය යන්න අමතක කළ යුතු නැත. උත්පත්තියෙහි දී ලග්නගත ගුරු ශුභ වුවත් ගෝචරයේ දී ලග්නගත ගුරු අයහපත් වේ. මෙම ගුරු චන්ද්‍ර ලග්නයෙන් ද අශුභව ගමන් කරන්නේ නම් ප්‍රතිඵල අසතුටුදායකය. චන්ද්‍රයාගෙන් 2, 5, 7, 9, 11 වී ගුරු ගමන් කරන්නේ නම් අනිටු ප්‍රතිඵල තුනී වේ. ඒත් සඳුගෙන් 6, 8 වැනි තැනක වී ගමන් කරන්නේ නම් නොසිතූ විරූ අයහපත් ප්‍රතිඵල ඇති කරයි. සමස්තයක් වශයෙන් බාධකයා ලග්නගත වන නිසා දුරදර්ශීව ඥානවන්තව ක්‍රියා කිරීමෙන් අයහපත මැඬ යහපත උදාකළ හැක.
විවාහාපේක්ෂිත කන්‍යා ලග්න හිමියෝ මංගල යෝගයන්ගෙන් සතුටට පත්වෙති. දූ දරුවෝ යහපත් තත්ත්වයට පත් කරනු ඇත. නීතිවේදී, ශ්‍රමණ පූජකාදී හෝ ගුරු කථිකාචාර්ය, විනිසුරු වැන්නවුන්ට  ඊට කාරකයා වන ගුරුගේ ලග්නගතවීම බාධා මැද්දේ හෝ යහපතට මග සලසයි. ඔබට ඒරාෂ්ටක මාරක බාධක පවතින්නේ නම් ගුරුගේ ලග්නගතවීම අහිතකරය. හැකිතරම් අලු‍ත් අලු‍ත් දෑ එමෙන්ම යම් යම් ව්‍යාපෘතිවලට අත නොගසා නිශ්ශබ්දව සිටින තරමටම යහපත්ය. අධ්‍යාපනයේ නියුක්ත වන්නන්ට උසස් පාඨමාලා හදාරන්නන්ට මෙම ගුරු මාරුව බාධා මැඬගෙන හෝ ඉදිරියට යාමේ අවකාශයන් ලබා දේ.

තුලා - පීඩනයන් මැද යහපත ද සැලසේ

බ්‍රහස්පති 12ට පැමිණීම අශුභය. එහෙත් තුලා ලග්න හිමියාගේ ගුරු 6 අධිපතියා වශයෙන් 12ට පැමිණීමේ ප්‍රතිඵලය කිසියම් විදියකින් යහපත් වනුයේ එය හර්ෂ නමැති යෝගය උදා කරන නිසාය. මෙම බ්‍රහස්පති උත්පත්ති කේන්ද්‍රයේ සඳු සිටින ස්ථානයට පැමිණෙන්නේ නම් හිතකර නොවේ. එය කර්මජ ගුරු දෝෂයයි. තුලා ලග්න හිමියාගේ චන්ද්‍රයා 1, 3, 5, 7, 9, 10, 12 වැනි තැනක නම් කල්පනාකාරී විය යුතුයි.  සහෝදර පාර්ශ්වයන් නිසා ගැටලු‍ ප්‍රශ්න මතු වේ. විමසිලිමත්ව ක්‍රියා කළ යුතු කාලයකි. ඔබ සුදුසු උපදේශකයන්ගේ මිස නුසුදුස්සන්ගේ බස්වලට නොරැවටී ක්‍රියා කළ යුතුයි. නැතහොත් අමාරුවේ වැටේ.

සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සැලකීමේ දී ඉතාමත්ම විමසිලිමත් විය යුතුයි. හිටි හැටියේම ඇතිවන රෝගාබාධයන්ට ගොදුරු විය හැක. උදරගත රෝග, ආහාර දිරවීමේ දුර්වලතා ආම රෝග, සෙංගමාලය වැනි දෑ ගැන කල්පනාකාරී වන්න. බ්‍රහස්පතිගේ මෙම ගමන යම් යම් චෝදනා, අපවාද වැනි දෑවලට ද ඉඩකඩ යෙදෙන්නෙකි. එනිසා නීතිමය කටයුතු පරිපාලන කටයුතු මෙන්ම වගකිවයුතු ලියුම්කියුම් ආදියට අත්සන් කිරීමේ දී හොඳහැටි කියවා බලා කොන්දේසි පිළිබඳව අධ්‍යයනය කර ක්‍රියා කළ යුතුය. ඔළුවට බරක් දෙන ප්‍රශ්න මතු කරයි. හිතවතුන් සේ පෙනී සිටියත් එසේ නොවන බව තේරේ. යම් යම් ශෝකභරිත සිද්ධීන්ට මුහුණ දෙන්නට සිදුවනු ඇත.

වෘශ්චික - පවතින පීඩාවන්ගෙන් සහනයක් ලැබේ

සෙනසුරු ලග්නයෙහි පීඩාකාරීව ගමන් කරන ඔබට බ්‍රහස්පති ඉතා ශුභඵල දෙන අයස්ථානයට පැමිණීමෙන් සහනයක් සලසා දෙනු ඇත. රැකියා සම්බන්ධ ප්‍රශ්න යම් යම් අතෘප්තිකර ගැටලු‍කාරී දෑ හිතකාමී ලෙස විසක්‍ෂෙන අවස්ථාවන් උදාවිය හැක. ඔබේ ඔළුවට පැවැති ලොකු බරක් හිසෙන් අයින් කළා වැන්න. ගැළපෙන සුදුසු අය හිතමිත්‍රාදීන් වශයෙන් ලැබේ. මෙම බ්‍රහස්පති ධනස්ථානාධිපතියා මෙන්ම පූර්ව පුණ්‍ය ස්ථානාධිපතියා මෙන්ම ලග්නාධිපතියා මිත්‍රයා ලෙස ද ලාභස්ථානයට පැමිණීම තුළින් ධනය මෙන්ම දැනුම ද ලාභයක් ලෙස ක්‍රියාත්මක වේ. උසස්, උගත් ප්‍රභූ, පූජ්‍ය අංශයන්ගෙන් තමාට අනුග්‍රහය මෙන්ම ඉතා හොඳ නිර්දේශයන් ලැබෙනු ඇත. වෘත්තීය උසස්වීම්වලට ඉඩ ඇත.

විවාහාපේක්ෂකයන්ට ඉතාමත් හොඳ සුදුසු මංගල යෝජනා ඇති වේ. ඒවා බාධාවන්ගෙන් තොරව ඉෂ්ට සිද්ධ වේ. අධ්‍යාපනයේ නියුක්ත වන්නන්ගේ උත්සාහයන් සාර්ථක වනු ඇත. විශිෂ්ට සම්මාන සහිතව විභාග ආදියෙන් සමත් වේ. සරසවි ප්‍රවේශ වරම් ලබයි. ශිෂ්‍යත්වලාභීන්ට ද හිතකරය. නීතිය සම්බන්ධ විභාග හෝ නීති ප්‍රවේශයන්ට සම්බන්ධ විභාග සඳහා පෙනී සිටින, ඉහළ මට්ටමේ ලකුණු ලබමින් වරප්‍රසාදලාභීන් වනු ඇත. දරු සම්පත් බලා‍පොරොත්තු වන්නන්ට ඉතා වාසනාවන්ත දූ පුතුන් ලැබෙනු ඇත. වෘශ්චික ලග්න හිමියන්ට නිවාස දේපළ, ඉඩම් ලාභ සහිතය. එම කටයුතු අපහසුවෙන් තොරව සිදු වේ.

ධනු - වෘත්තීය අභිමානයෙන් යුක්ත වේ

සාමාන්‍ය ‍ජ්‍යොතිෂ නිගමනයේ පරිදි ගුරු 10 වැන්නට පැමිණීම යහපත් නැතත් ධනු ලග්න හිමියාගේ ලග්නාධිපතිම වන ගුරු කර්මස්ථානය හෙවත් අභිමානස්ථානය වන 10 වැන්නට පැමිණෙන නිසා වෘත්තීය කටයුතුවලින් ඉහළ මට්ටමේ ගරුත්වයක්, පිළිගැනීමක්, ප්‍රමුඛත්වයක් හිමි වන්නේය. එහෙත් මෙහි දී යම් යම් අභියෝග, ප්‍රතිවිරෝධතා ඇතිවන හෙයින් කල්පනාකාරී වී ක්‍රියා කළ යුතුය.

ඉඩකඩම් ගේදොර, යානවාහන ලැබේ. නිවාස ඉදිකිරීමට බලා‍පොරොත්තු වන අයට දෙමහල්, තෙමහල් හෝ ඊට වැඩි මට්ටමේ ගොඩනැගිලි ඉදිකිරීම සඳහා අවස්ථාව ලැබේ. 4 අධිපති ගුරු 10 වැන්න වන අහස් මුදුනේ සිටින්නේය. පවු‍ලේ ශුභසිද්ධිය, දූ දරුවන්ගේ අභිවෘද්ධිය, ඔවුන් ඉහළ මට්ටමට පත්වීම යන ශුභදායක අවස්ථාවන්ට පත්වනු ඇත. මෙවැනි තත්ත්වයන් මධ්‍යයේ නමුදු අධික ධන වියදම්, ධන හානි වැනි දෑවලට වුව ද ඉඩකඩ ලැබේ. මුදල්හදල් සම්බන්ධ කටයුතුවල දී සැලකිලිමත් වන්න. ධනස්ථානාධිපති වැයස්ථානගතව සිටින හෙයින් සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් එතරම් හිතකර නොවේ. අතපය සම්බන්ධ පීඩා, ආහාර නොදිරවීම, ආතරයිටිස් වැනි පීඩාවන් මතුකළ හැක. අධ්‍යාපනයේ නියුක්ත වන්නන් සඳහා හිතකර බවක් ඇත. ‍පොතපතට වැඩි නැඹුරුවක් ගෙන දේ. වෛද්‍ය, ‍ලේඛන, ප්‍රකාශන අංශයන්හි නියුක්ත වන්නන් සඳහා වැඩි යහපත් ප්‍රතිඵල ගෙනදිය හැක.

මකර - අභිමත සාධනය හා ආධ්‍යාත්මික නැඹුරුව

බ්‍රහස්පති මකර ලග්න හිමියාට එතරම් යහපත් ග්‍රහයෙක් නොවේ. එහෙත් භාග්‍යස්ථානයට ගුරු පැමිණීම, ගුරු ගුරුගේ කාරකස්ථානයට පැමිණීමයි. සුවිශේෂ ධන භාවයක් ලෙස සැලකෙන 9 වැන්නට ධන කාරක ගුරු පැමිණීම යහපත් වන අතර මෝක්ෂස්ථානය වන 12 අධිපති වශයෙන් ධර්මස්ථානය වූ 9 වැන්නට පැමිණීමෙන් පිනට දහමට යොමුවීම, ආගම ධර්මය කෙරේ කැපවීම නිත්‍ය වශයෙන් සිදු වේ. මේ අනුව ඔබට කිසියම් දියුණුවක් සමගම ලෝකය පිළිබඳ අවබෝධයක් ඇතිවෙමින් ධර්මානුකූල නැඹුරුවක් උදාකර ගනී. ඉතාමත් සර්ව සාධාරණ මාර්ගවලින් ධනය උපයනු ඇත. සෙනසුරු ලග්නාධිපති වශයෙන් 11 නිසා ධනෝපායන මාර්ග තවත් ශක්තිමත් වේ. එහෙත් ඔහු උපයන සපයන ධනය පිනට දහමට පරිත්‍යාගශීලීත්වයට යෙදෙනු ඇත. ගුරු එතරම් හිතකර ග්‍රහයෙක් නොවී 9ට පැමිණීම මත යම් යම් අසහන පීඩා, කනස්සලු‍ ඇති කරයි. යහපතත් සමග අසතුටට හේතු ද පැන නගී.

ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. විවාහාපේක්ෂකයන්ට යහපත් වේ. සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ශුභාශුභ මිශ්‍රයි. වාතාබාධ, සන්නිගත පීඩා, ‍ලේ ගමනාගමන දෝෂ ඉස්මතු වී වෛද්‍ය උපදේශ මත ක්‍රියා කරන්නට සිදු වේ.

කුම්භ - ප්‍රවේශම් වී කටයුතු කරන්න

ගුරු පැමිණෙනුයේ කේන්ද්‍රයෙහි 8 වැන්නටය. 6, 8 ස්ථාන උපතේදීත්, ගමනේදීත්, නැකතේදීත් බෙහෙවින් නරකය. මේ නිසා  සියලු‍ දුක් පීඩා, අසනීප, ආබාධ, සිත් තැවුල්, කරදර ගැන බෙහෙවින්ම සිතන්නට සිදු වේ. ධනෝපායන මාර්ග, රැකීරක්ෂා වැනි දෑවල දී ඉතාමත් කල්පනාකාරී වී ක්‍රියා කරන්නට සිදුවනු ඇත. කායික, මානසික සතුට ගිලිහීමේ ප්‍රවණතාවක් ඇත. ලංකා ලග්නය ද කුම්භ වේ. ඔබේ ලග්නය ද කුම්භ වේ. ගුරු 8 වැන්නේ ගමන් කිරීම නිසා හැමවිටම කල්පනාකාරීව ක්‍රියා කිරීමෙන්ම අනිටු විපාක මැඬගත යුතුය. බුද්ධිමත් වීමෙන් මෙම විපාක සමනය වේ. කේතු, රාහු ආදීන් පවා 1, 7 ගමන් කරමින් සිටිය දී ගුරු 8 වැන්නේ යෙදීමෙන් සිතන පතන බොහෝ දෑවල අවසානය කනස්සලු‍ සහගත විය හැකි වුවත් ලග්නාධිපති සෙනසුරු උපචය භාවගතව ගමන් කිරීම නිසා සියලු‍ දුක් දොම්නස්වලට අභීතව මුහුණ දී කටයුතු කිරීමට ඔබට හැකියාව ඇත.

ග්‍රහ ගමනට සාපේක්ෂව බලන කල ආතරයිටිස් වැනි පීඩා, කොලෙස්ටරෝල්, උණ රෝග වැනි දෑවලින් වළකින්න. අධ්‍යාපනයෙහි දී ප්‍රමාණවත් සාර්ථකත්වයක් ලබාගැනීමේ ඉඩකඩ පවතී. සමස්තයක් වශයෙන් කුම්භ ලග්න හිමි ඔබට සුබ අසුබ ප්‍රතිඵල මිශ්‍රව ලැබෙන බව පැවසිය යුතුය.

මීන - අභිමතයන් සපලවීම සුබදායකය

බ්‍රහස්පති ලග්නාධිපතිම වෙමින් ඉතා පලදායක ස්ථානයක් වන 7 වැන්නට පැමිණ යහපත ඉස්මතු කරයි. 10 අධිපති ගුරු 10 වැන්නේය. 10 වැන්න හෙවත් 7 වැන්නේ යෙදීම භාවත්භාව සංකල්පය අනුව අභිමාන යෝගය හෙවත් රාජ්‍යත්රාජ යෝගයයි. මෙම අර්ථයන්ට සාපේක්ෂව යස ඉසුරු සම්පත් වරප්‍රසාද බෙහෙවින් ලැබේ. තම අභිලාෂයන් මුදුන්පත් කරගන්නා අවස්ථාවන් යෙදේ. කෙසේ නමුත් අනවශ්‍ය ආකාරයෙන් නුසුදුසු ආඩම්බරකමක් ඇතිකර ගැනීම අවැඩදායකය. මධ්‍යස්ථ මතධාරීව ක්‍රියා කිරීමෙන් හැමවිටම යහපතටම මගපාදාගත හැක.

විවාහාපේක්ෂකයින්ට ඉතා ලෙහෙසියෙන් මංගල යෝග උදා වේ. සහකරු හෝ සහකාරිය සම්බන්ධයෙන් ද ඉතා යහපත් වේ. අධ්‍යාපනයේ නියුක්ත වන්නෝ ඉතාමත් උසස් මට්ටමේ ප්‍රතිඵල ලබමින් කැපී පෙනෙන තත්ත්වයට පත් වේ. ඔබේ කේන්ද්‍රයෙන් චන්ද්‍රයා 1, 3, 6, 9, 11 ආදී ස්ථානයක නම් ප්‍රතිඵල වඩ වඩාත් සශ්‍රීකය. සෞඛ්‍ය තත්ත්වය යහපත් වේ. දූ දරුවන්ට යහපත්ය. සමස්තයක් වශයෙන් බොහෝ සුබදායක ප්‍රතිඵල ලබාගැනීමේ අවකාශය ද මීන ලග්න හිමියාට හිමිවන අතර මුහුණපාන්නට සිදු වී ඇති අයහපත් ප්‍රතිඵලවල නිමාවක් දැකිය හැක.

ප්‍රවීණ ‍ජ්‍යොතිර්වේදී ජී.ඇම්. ගුණපාල

2015 පෙබරවාරි මාසේ ඔබේ ලග්නයට කොහොමද?

ලග්න 5කට සුබ ඵල අනෙක් ඒවාට මිශ්‍ර ඵල

දැනට මකර රාශියේ ගමන් කරන රවි පෙබරවාරි 13 කුම්භ රාශියට සංක්‍රමණය වේ. දැනට කුම්භ රාශියේ ගමන් කරන කුජ 12 දින මීන රාශියටද, දැනට කුම්භ රාශියේ ගමන් කරන සිකුරු 16 දින මීන රාශියටද සංක්‍රමණය වේ.
මාසය තුළ එක් එක් ග්‍රහයන් සැරිසරන රාශි, භාව හා දෘෂ්ටි ආදී ‍ජ්‍යොතිෂ රීතීන්  සලකා බලා එක් එක් ලග්න හිමියන්ට සිදුවිය හැකි යයි අනුමාන කරන සරල පලාපල ප්‍රකාශනයක් පහත දැක්වේ.
කිසිවෙකු කිසිවිටෙක මෙම ශුභා ශුභ ප්‍රකාශයන්  නියත ලෙස ස්වකීය ජීවිතයට බද්ද වේ යැයි සිතිය යුතු නැත.
පෙර සසර කුසල අකුසල පලදෙන ආකාරය පිළිබඳව ගොඩනැගී ඇති  ‍ජ්‍යොතීර්වේදයේ එවැනි දුබල ඵල විපාක මග හරවා ගෙන සුඛිත මුදිත ජීවිතයක් ගොඩනගා ගන්නා ආකාරය ලොව පිළිගත්  සෑම ආගම දහමකම මැනවින් පහල දී තිබේ.
කරුණාව, දයාව පෙරටු කරගත් නිවැරදි ජීවිත මාර්ගයක් තුළින් සියලු අරිටු දෝෂ මග හරවා සාර්ථක ජීවිතයක් ගොඩනගා ගත හැකි බව සිතට ගන්න.



මේෂ ලග්නය - චිත්ත ධෛර්ය වැඩිවීමක්

ධෛර්යමත් ස්වභාවය මෙන්ම නිසල සැනසිලිදායක ස්වභාවයෙන් යුක්ත මානසික තත්ත්වයක් ගොඩනැගේ. ආගම දහම කෙරෙහි වැඩි නැඹුරුවක් ඇතිවීම මෙන්ම ඒ පිළිබඳව වැඩි දුරටත් කරුණු සොයා බැලීම සඳහා වැඩි උනන්දුවක් ඇතිවේ. මේ සඳහා අතහිත දෙන ධෛර්යය ලබාදෙන මිතුරු කැලකගේ ඇසුරද ඇතිවේ.
නිවසේ සාමාජිකයන් අතර සුළු මත භේද ඇතිවුවත් ඒවා පහසුවෙන් නිරාකරණය කර ගෙන නිවස තුළ සතුට හා සාමය ආරක්ෂා කර ගෙන කටයුතු කිරීමේ  හැකියාව ඇතිවේ.
උදාසීන ගති හා බාධක ආශ්‍රයන් ඇතිවීම වැනි හේතූන් අනුව ඉගෙනීමේ කටයුතු වලට තරමක බාධා සිදුවිය හැකි බැවින් කල්පනාවෙන් උනන්දුවෙන් කටයුතු කළ යුතුය.
රැකියා කටයුතුවලදී බාධක සුළු සිද්ධීන් ඇති වුවද එමගින්  ඔබේ ධෛර්යයේ හෝ කැපවීමේ අඩුවක් සිදු නොවන නිසා සියලු දෙනාගේ ප්‍රසාදය ලබා ගනිමින් කටයුතු කිරීමේ  හැකියාව ඇතිවේ. ආදායම්වල හොඳ ප්‍රගතියක් සිදුවේ. හදිසි ධන ලාභවලටද වාසනාව තිබේ.
ප්‍රබල රෝගාබාධ නැත. ඌෂ්ණය ආශ්‍රයෙන් ඇතිවන උදරාබාධ ආදියට ඉඩ තිබෙන නිසා ප්‍රවේශම් වන්න.



වෘෂභ ලග්නය - රැකියා කටයුතුවල දියුණුවක්

උදේ‍යා්ගය සහ ධෛර්යය ඉහළ ආකාරයෙන් පවතී. මේ තත්ත්වය අධිවේගී ස්වභාවයට පත් වීමෙන් අනවශ්‍ය ගැටලුද ඉස්මතු වීමට ඉඩ තිබෙන නිසා ඉවසීමෙන් කල්පනාවෙන් කටයුතු කළ යුතුය. බාධක මිතුරන්ද කිට්ටු වන අතර ඔවුන්ගෙන් ඔබට අවැඩක් නොවන ලෙස නිසි අවවාද අනුශාසනා ලබාදෙන ප්‍රමුඛ මිතුරු කැලකගේ ඇසුරද ඇතිවේ.
නිවස තුළ නොසන්සුන්තාවයන් ඇති කරන බාහිර බලවේග ඇතිවුවත් ඒවා පිළිබඳව නිසි අවබෝධයෙන් යුක්තව කටයුතු කිරීමේ  ශක්තිය ඇති වන නිසා සාමය සමගිය ආරක්ෂා කර ගැනීමට හැකිවේ.
ඉගෙනීම පිළිබඳව උනන්දුවේ සහ කැපවීමේ අඩුවක් සිදු නොවුණත් බාධක ආශ්‍රයන් නිසා පසුබෑම් ඇතිවිය හැකි බැවින් සැළකිලිමත් වන්න.
රැකියා කටයුතු පිළිබඳව හොඳ ප්‍රගතියක් ඇතිකර ගැනීමට හැකිවේ. ඔබ ඒ පිළි
බඳව හොඳ උනන්දුවකින් හා කැපවීමෙන් කටයුතු කරයි. මේ නිසා ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගේ ප්‍රසාදය දිනා ගනිමින් කටයුතු කරගෙන යාමට හැකිවේ. ආදායම්වල දියුණුවක් සිදුවේ. හදිසි ධනලාභවලටද වාසනාව තිබේ.
සෙම හා රුධිරය ආශ්‍රිත රෝග, උදරාබාධ ආදියට ඉඩ තිබෙන නිසා ප්‍රවේශම් වන්න.


මිථුන ලග්නය යහපත් ගෘහ ජීවිතයක්

සිතිවිලිවල කැළඹිලි ස්වභාවයක් මෙන්ම අධිවේගී ස්වභාවයක් උද්ගත වීමට ඉඩ තිබේ. මාසයේ මධ්‍ය භාගයේ සිට මෙම තත්ත්වය ක්‍රමයෙන් මග හැරී යයි. ඔබට නිසි අවවාද අනුශාසනා ලබා දී ඔබට යහමග පෙන්වා දෙන ලෙන්ගතු මිතුරු පිරිසකගේ ඇසුරද ලැබේ.
මේ සියලු තත්ත්වයන් තුළ ඔබට සතුටින් සෙනෙහසින් පිරි ගෘහ ජීවිතයක් ගත කිරීමේ වාසනාවද ලැබේ. එකිනෙකා අතර හොඳ සහයෝගයක් හා සාමදානයක් පවතී.
උදාසීන ගති, බාධක ආශ්‍රයන් ඇතිවීම යන හේතූන් නිසා ඉගෙනීමේ කටයුතුවලට අවහිරතාවයන් ඇතිවිය හැකි බැවින් සැලකිලිමත්ව කටයුතු කළ යුතු වේ.  ගුරු, දෙමාපිය, වැඩිහිටි ආදීන්ගෙන් ඉගෙනීමේ කටයුතු සඳහා ඔබට හොඳ සහයෝගයක් ලැබේ.
රැකියා කටයුතුවලදී සුළු බාධක හා කලකිරීම් ඇතිවුවත් ඒවා බාධාවක් නොකරගෙන සාර්ථකව කටයුතු කරගෙන යාමේ හැකියාව ඇතිවේ. ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගේ නොමඳ පැසසුම් ලැබේ. ආදායම්වල ඉහළ දියුණුවක් සිදුවෙයි. හදිසි ධනලාභ වාසනාවද තිබේ.
සෙම් රෝග, උදරාබාධ ආදියට ඉඩ තිබෙන නිසා ස්නානය හා ආහාර පාන ගැන සැලකිලිමත් විය යුතුය.



කටක ලග්නය ආවේගශීලී මානසික ස්වභාවයන්

වරින් වර සිතිවිලිවල චංචල නොසන්සුන් ස්වභාවයන් ඇතිවුවත් බහුලව ආගමික පුද පූජාවන්ට නැඹුරු වන නිසා ඒවා මැඩ පවත්වා ගෙන යහපත් මානසික තත්ත්වයක් ගොඩනගා ගැනීමට හැකිවේ. ඒ සඳහා උදව් උපකාර කරන ඔබ උනන්දු කරවන මිතුරු පිරිසකගේ කිට්ටු ඇසුරද ඇතිවේ.
ඔබේ ආවේගශීලී ස්වභාවයන් නිසා පවු‍ලේ සාමාජිකයන් අතර අමනාපකම් ඇතිවුවද ඉහත කී මානසික ස්වභාවය අනුව තරමක නම්‍යශීලී ගතියක් ගොඩනැගෙන නිසා බරපතළ අර්බුද ඇති නොවේ.
උදාසීන ගති ඇතිවීම , බාධක ආශ්‍රයන් ඇතිවීම යන කාරණාවන්  හේතුකොට ගෙන ඉගෙනීමේ කටයුතුවල තරමක පසුබෑමක් සිදුවීමට ඉඩ තිබෙන නිසා සැලකිලිමත්ව කටයුතු කරන්න.
සුළු කාරණාවන් ඇති වුවත් ඒවා මැඩ පවත්වා ගෙන උනන්දුවෙන්  සාර්ථකව රැකියා කටයුතු  කරගෙන යාමේ අවස්ථාව සැලසේ. ප්‍රධානීන්ගේ සහ හිතවතුන්ගේ සහය ඒ සඳහා ඔබට ලැබේ. ආදායම්වල ඉහළ යාමක් සිදුවන අතරම අනපේක්ෂිත වියදම්  යෙදීමටද ඉඩ තිබෙන නිසා කල්පනාවෙන්  කටයුතු කරන්න.
ප්‍රබල රෝගාබාධ නැත. සෙම් දෝෂ ආශ්‍රයෙන් හිස සහ ඒ අවට ප්‍රදේශවල රෝගී තත්ත්වයන් ඉස්මතු විය හැකි නිසා ප්‍රවේශම් වන්න.



සිංහ ලග්නයවියදම් වැඩිවීමක්

වරින් වර සුළු නොසන්සුන්තාවයන් හා උදාසීන ගති ඉස්මතුවීමට ඉඩ තිබේ. මේ තත්ත්වය ඔබේ වැඩ කටයුතුවලට බාධාවන් ඉඩ නොතබන උත්තේජනයන් ඇති කරන ළෙන්ගතු  මිතුරු පිරිසකගේ ඇසුර ලැබිම ඔබට ආශීර්වාදයක් වන්නේය.
විවිධ සුළු ප්‍රශ්න හේතු කොට ගෙන පවු‍ලේ සාමාජිකයන් අතර සිත් බිඳීම්වලට ඉඩ තිබෙන නිසා ඔබේ මතයම ඉස්මතු නොකර අන්‍යයන් ගේද අදහස් විමසා බලමින් ඉවසීමෙන් කටයුතු කළ යුතු වේ.
සුළු වශයෙන් ඉගෙනීමේ  කටයුතු සඳහා අවධානය අඩුවීමේ  දුර්වලකමක් පවතින අතර මේ තත්ත්වය මග හරවා ගත්විට උසස් ප්‍රතිඵල ලබා ගැනීමේ  හැකියාව ඇතිවේ.
රැකියා කටයුතු වඩාත් සාර්ථකව කරගැනීමට අවශ්‍ය පරිසරයක් ගොඩනැගේ. ඒ සඳහා ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගේ උපරිම සහයෝගය ලැබේ. ආදායම් සුපුරුදු ආකාරයෙන් පවතින අතර වියදම්වල ඉහළ යාමක් සිදුවීමට ඉඩ තිබෙන නිසා කල්පනාවෙන් කටයුතු කරන්න.
රුධිරය හා සෙම රෝග ආශ්‍රිත රෝග වලට ඉඩක් පවතින නිසා ප්‍රවේශම් වන්න.



කන්‍යා ලග්නයඅධ්‍යාපනයට බාධාවන්

සිතිවිලිවල ආවේගශීලී ස්වභාවයක් හා නොසන්සුන්තාවයක් ඉස්මතු වීමට ඉඩ තිබෙන නිසා වැඩි කාලයක්  ආගම දහමට නැඹුරු වී කටයුතු කිරීම අවශ්‍ය වේ. මේ සඳහා වාසනාවකට මෙන් ඔබට අත හිත දෙන ඔබ සුමගට යොමු කරන  ලෙන්ගතු මිතුරු පිරිසකගේ කිට්ටු  ඇසුර ලැබේ.
සුළු මත ගැටුම් ඇතිවුවත් ගෘහ ජීවිතයේ සාමයට එය අභියෝගයක් නොවන අතර අවසානයේ සියල්ලන් සතුටින් එකමුතු වන තීන්දු තීරණවලට එළඹීමේ හැකියාව ඇතිවේ.
උදේ‍යා්ගය හා අවධානය අඩුවීම , බාධක ආශ්‍රයන් වැනි හේතූන් නිසා ඉගෙනීමේ කටයුතු වලට බාධා සිදුවිය හැකි බැවින්  සැලකිලිමත්ව කටයුතු කරන්න.
රැකියා කටයුතුවල සුළු නොසන්සුන්තාවයන් හා චංචල වීම් සිදුවීමට ඉඩ තිබෙන නිසා ඉවසීමෙන් කල්පනාවෙන්  කටයුතු කළ යුතුය. ප්‍රධානීන් හා හිතවතුන් අතරද මත ගැටුම් ඇතිවිය හැක. ආදායම්වල ඉහළ යාමක් සිදුවන අතරම අතිරේක වියදම්වල ඉහළ යාමක් සිදුවීමටද ඉඩ තිබේ.
රුධිරය ආශ්‍රිත රෝග හා උදරාබාධ ආදියට වැඩි ඉඩක් පවතී.



තුලා ලග්නය සෞඛ්‍ය යහපත්

අතිධාවන සිතුම් පැතුම් හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් ඇති වීමටත් ඒ අනුව අනවශ්‍ය ගැටලු ඇතිවීමටත් ඉඩ තිබෙන නිසා ඉවසීමෙන් කල්පනාවෙන් කටයුතු කළ යුතුය. මේ අතර ඔබට ප්‍රමුඛ අවවාද අනුශාසනා ලබා දෙමින්  ඔබට නිසි මග පෙන්වා දෙන හිතවත් මිතුරු කැලකගේ ඇසුරද ලැබේ.
සියලු කාරණාවන් අතර ඔබට ඔබේ නිවස තුළින් හොඳ ගැම්මක් හා ආශිර්වාදය හිමි වන පරිසරයක්  නිර්මාණය වේ.
සංයමය හා අවධානය අඩුවීම වැනි හේතූන් නිසා ඉගෙනීමේ කටයුතුවලට බාධා සිදුවිය හැකි තත්ත්වයක් ඇතිවිය හැකි නිසා සැලකිලිමත් වන්න.
මේ සියලු දුර්වලතාවයන්  අතර වුවද රැකියා කටයුතු වඩාත් සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය පරිසරයක් ගොඩනැගී පවතී. ඒ සඳහා අන්‍යයන්ගේ අනුග්‍රහයද මැනවින් ලැබේ. ආදායම් වල දියුණුවක් සිදුවන අතර අතිරේක ආදායම් මාර්ගද හෙළි පෙහෙලි වෙයි.
ප්‍රබල සෞඛ්‍ය දුර්වලතාවයන් නැත.



වෘශ්චික ලග්නය අධ්‍යාපනයට යහපත්

වරින්වර අධෛර්යමත් නොසන්සුන් ස්වභාවයන් ඉස්මතු වුවත් ඔබ ප්‍රබලව ආගමික කටයුතුවල නිරත වන නිසා එම මන්දගාමී තත්ත්වය මග හරවා ගැනීමට හැකිවේ. මේ සඳහා ඔබ දිරිමත් කරන යහපත් මිතුරු කැලකගේ උදව් උපකාර හා ආශිර්වාදයද ලැබේ.
ඇතැම් මත ගැටුම් ඇති වුවත් සමස්තයක් ලෙස සාමකාමී වට පිටාවක් නිවස තුළ පවතී. එකිනෙකා හොඳ අවබෝධයෙන්  හා සහයෝගයෙන් කටයුතු කරයි.
ඉගෙනීමේ කටයුතු පිළිබඳව හොඳ උනන්දුවක් හා කැපවීමක් ඔබ තුළ ගොඩ නැගේ. මේ සඳහා දෙමාපියන්, ගුරුවරුන් හා වැඩිහිටි යන්ගේද නොමඳ සහයෝගය හා ආශිර්වාදය ලැබේ.
සුළු බාධාවන් ඇති වුවද ඒවා අභිබවා උනන්දුවෙන් හා තෘප්තියෙන් යුක්තව  රැකියා කටයුතු කරගෙන යාමේ අවස්ථාව සැලසේ. ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගේ නොමඳ සහය ඒ සඳහා ලැබේ. ආදායම් වල වැඩි දියුණුවක් සිදුවෙයි. අතිරේක ආදායම් මාර්ග ඇතිවේ.
උදරාබාධ, සෙම් රෝග ආදියට වැඩි ඉඩක් පවතින නිසා ප්‍රවේශම් වන්න.


ධනු ලග්නය කළණ මිතුරු ඇසුරක්

මනස කළඹන සුළු සිද්ධීන් ඇතිවුවත් ඒවා යටපත් කරගෙන සාර්ථකව ජීවිතයට මුහුණ දීමේ පරිසරයක් ගොඩ නැගේ. ඔබ නිරතුරුව අදහන ඒ සඳහා ඇප කැප වන ආගමික කටයුතුවලින් ලබන පන්නරය මේ සඳහා හේතු සාධක වේ. ඔබට උපකාර  කරන ආසිරි පතන කළණ මිතුරු කැලක්ද ඔබ සමග එක්වේ.
නිවස තුළ සුළු ආරවුල්  තත්ත්වයක් හා මතභේද නිවස තුළ ඇති වුවත් ඒවා ප්‍රවේශමෙන් යටපත් කරගෙන සුහදශීලී වාතාවරණයක් ගොඩ නගා ගැනීමට හැකිවේ.
ඉගෙනීමේ කටයුතු පිළිබඳ සුළු දුර්වලතාවයක් ඇති වන්නේ උනන්දුව අඩුවීම හා උදාසීන ගති ඉස්මතු වීම නිසාය. මෙය නිසි ලෙස අවබෝධ කරගෙන උනන්දුවෙන් කටයුතු කරන්න.
රැකියා කටයුතුවල සුළු අවුල් තත්ත්වයන් ඉස්මතු වුවත් ඔබ ඒවා බාධාවන් කර නොගෙන සාර්ථකව කටයුතු කරගෙන යාමට අවස්ථාව සකස් කර ගනී. මේ නිසා අන්‍යයන්ගේ ප්‍රසාදයට පත් වෙමින් තෘප්තිමත්ව රැකියා කටයුතු කළ හැකිවේ.
ආදායම් සුපුරුදු තත්ත්වයේ පවතින අතර අනවශ්‍ය වියදම් වල ඉහළ යාමක් සිදුවිය හැකි නිසා ප්‍රවේශම් වන්න.
සෙම හා රුධිරය ආශ්‍රිත රෝගවලට වැඩි ඉඩක් තිබේ.



මකර ලග්නය - ආදායම්වල වර්ධනයක්

වරින් වර මානසික උද්වේගකාරී ස්වභාවයන් ඉස්මතු වුවත් ඒවා සමනය කර ගෙන කටයුතු  කිරීමේ හැකියාව ඇතිවේ. දැඩිව පවතින ආගමික  විශ්වාසයන් හා ඒ ඔස්සේ කටයුතු  කිරීම මෙසේ සමතුලිතභාවය ගොඩ නගා ගැනීමට ඉමහල් වේ. එම කටයුතු සමග සම්බන්ධ මිතුරු පිරිසකගේ උදව් උපකාර  හා ආශිර්වාදයද ඔබට හිමිවේ.
පවු‍ලේ සාමාජිකයන් හොඳ අවබෝධයක් හා එකමුතු කමක් ගොඩනැගේ. මේ නිසා තෘප්තිමත්ව ගෘහ ජීවිතයේ කටයුතු කරගෙන යාමට හැකිවේ.
බාධක ආශ්‍රයන් නිසා ඉගෙනීමේ කටයුතුවල ප්‍රමාදයන්  සිදුවීමට ඉඩ තිබෙන නිසා කල්පනාවෙන් කටයුතු කරන්න. මේ තත්ත්වය අවබෝධ කරගෙන ප්‍රවේශමෙන් කටයුතු කළොත්  හොඳ ප්‍රතිඵල ලබාගත හැකි වකවානුවකි.
රැකියා කටයුතු සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය යහපත් පරිසරයක් නිර්මාණය වේ. සියල්ලන්ගේ සහයෝගය හා ආශිර්වාදය ලබා ගනිමින් තෘප්තිමත්ව කටයුතු කළ හැකි වේ. අතිරේක ආදායම් මාර්ග ඇතිවේ. ආදායම් ඉහළ යයි. හදිසි ධන ලාභ පවතී.
සෙම ආශ්‍රිත රෝගවලට වැඩි ඉඩක් පවතින නිසා ප්‍රවේශම් වන්න.


කුම්භ ලග්නය කාර්යශූර ජීවන රටාවක්

ධෛර්යය, උනන්දුව හා සිතේ සහනශීලී ස්වභාවය යන ගුණාංග පවතී. මේ නිසා තෘප්තිමත් සමාජ ඇසුරක් මෙන්ම කාර්යශූර ජීවන රටාවක්ද ගොඩනැගේ. ඔබට අතහිත දෙන හා ආසිරි පතන මිතුරු කැලකගේ  ඇසුරද ඇතිවේ.
පවු‍ලේ සාමාජිකයන් අතර ඔබේ මතයම ඉස්මතු කරමින් අන්‍යයන්ගේ අදහස් යටපත් කර කටයුතු කිරීමට උත්සාහ ගැනීම නිසා අනවශ්‍ය අවුල් ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න.
උදාසීන ගති උනන්දුව අඩුවීම හා බාධක ආශ්‍රයන් වැනි හේතූන් නිසා ඉගෙනීමේ කටයුතුවල දුර්වලතාවයන් ඇතිවිය හැකි බැවින් කල්පනාවෙන්, උදේ‍යා්ගයෙන් කටයුතු කරන්න.
ආයතනයේ සියලු දෙනාගේ සහයෝගය හා ආශිර්වාදය ඇතිව රැකියා කටයුතු කරගෙන යාමේ වාසනාව ලැබේ. ආදායම් වල ඉහළ යාමක් සිදුවෙයි. අතිරේක ආදායම් මාර්ග ඇතිවෙයි. හදිසි ධන ලාභ වලට වාසනාව තිබේ.
සෙම් රෝග, උදරාබාධ ආදියට වැඩි ඉඩක් පවතින නිසා ප්‍රවේශම් වන්න.


මීන ලග්නය - නොසන්සුන් මානසික ස්වභාවයක්

පසුතැවිල්ල, කලකිරීම හා නොසන්සුන්තාවය වැනි මානසික ස්වභාවයන් වරින් වර ඉස්මතු වේ. එහෙත් ඔබ තුළ පවතින දැඩි ආගමික විශ්වාසය හා ඒ සඳහා කරන වැඩි කැප කිරීම් නිසා එමගින් ලැබෙන ශක්තියෙන් සහනය සලසා ගැනීමේ හැකියාව ඇතිවේ.නිවසේ එකිනෙකා අතර  විවිධ මත ගැටුම් ඇතිවීමේ ඉඩකඩ  පවතින නිසා බුද්ධිමත්ව විමසිලිමත්ව කටයුතු කළ යුතුවේ. සියල්ලන්ගේ අදහස්වලට සවන් දෙමින්  බුද්ධිමත්ව තීන්දු තීරණ ගැනීම අවශ්‍යය.
ඉගෙනීමේ කටයුතුවලින් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමේ අවස්ථාව සැලසී තිබේ. දෙමාපිය, ගුරුවර, වැඩිහිටි ආදීන්ගේ නොමද සහය ඒ සඳහා ඔබට ලැබේ.
රැකියා කටයුතු වඩාත් සාර්ථකව  හා තෘප්තිමත්ව කරගෙන යාමේ අවස්ථාව සැලසේ. හිතවතුන්ගේ හා ප්‍රධානීන්ගේ නොමද සහය ඒ සඳහා ඔබට ලැබේ. ආදායම් සුපුරුදු ආකාරයට පවතින නිෂ්ඵල වියදම් ඉහළ යාමේ ඉඩක් පවතින නිසා සැලකිලිමත් වන්න.
නහර ස්නායු ආශ්‍රිත රෝග හා උෂ්ණය නිසා වැළඳෙන රෝග ආදියට ඉඩ තිබේ.

‍ජ්‍යොතිර්වේදී ශාස්ත්‍රාචාර්ය
අමරසේන වේගිරිය

2015 ඔබට කොහොමද? සවිස්තරාත්මකව දැනගන්න

2015 වර්ෂය ජනවාරි මස 1 වෙනි බ‍්‍රහස්පතින්දා අලූයම 6.22 ට හිරු උදාවත් සමඟ ආරම්භ වේ. මෙම වේලාවට අදාල තත්කාල කේන්දරයේ ධනු ලග්නය හා සිංහ නවාංශකය වන අතර කැති නැකතේ 1 වන පාදයයි. ගුරු හෝරාවේ, ගුරු පංචම හෝරාව වන අතර සූක්‍ෂම හෝරාවද ගුරුට අයත්ය.

රවි තමාට මිත‍්‍ර ග‍්‍රහයෙකුට අයත් කැති නැකතේ 4 පාදයේද, සඳුද තමාට මිත‍්‍ර ග‍්‍රහයෙකු වූ රවිට අයත් කැති නැකතේ 1 පාදයේද, කුජ ඔහුගේම දෙනට නැකතේ 2 පාදයේද, බුධ තමාට මිත‍්‍ර ග‍්‍රහයෙක් වූ රවිට අයත් උත‍්‍රසල නැකතේ 1 පාදයේද, ගුරු තමාට සතුරු ග‍්‍රහාය වූ බුධට අයත් අස්ලිය නැකතේ 4 පාදයේද සිකුරු ද සතුරු ග‍්‍රහයෙකු වූ රවිට අයිති උත‍්‍රසල නැකතේ 2 වන පාදයේද, ශනි තමාටම අයත් අනුර නැකතේ 2 වන පාදයේද, රාහු තමාට සතුරු ග‍්‍රහයා වූ සඳුට  අයත් හත නැකතේ 4 වන පාදයේද, කේතු සතුරු ග‍්‍රහයෙකු වූ බුධට අයත් රේවතී නැකතේ 2 වන පාදයේද පසු විය.

2015 වර්ෂය පුරාවට සෙනසුරු ග‍්‍රහයා වෘශ්චික රාශියේ සතුරුව හැසිරීමද ගුරු කටක රාශියේ උච්චව ජූලි 14 අඟහරුවාදා අලූයම 6.20 දක්වා පසුවී  එතැන් සිට වර්ෂය පුරාම මිත‍්‍රරාශියක් වූ සිංහයට පිවිසීම යන කරුණු සලකා බලා 2015 වර්ෂය රටට මෙන් ඒ ඒ ලග්න හිමියන්ට කෙසේ බලපානු ඇතිද? විමසා බැලිය යුතුය.

අප රට ගැන සලකා බැලූවහොත් සුභ-අසුභ මිශ‍්‍රපල ලැබෙන වර්ෂයක් වේ. ගුරු බලවත්වීම මත රට තුළ ආගමික ප‍්‍රබෝධයක් ඇතිවේ. පෙරට වඩා ආගමික නායකයින් රාජ්‍ය නායකයින්ට ධර්මයෙන් අනුශාසනා කරනු ලබන්නාහ. රජයට හෝ විපක්ෂයට හෝ පොදුවේ මහ සංඝරත්නය ඇතුළු අනෙකුත් ආගමික නායකයින්ගේ උපදෙස් ලැබේ.

ශනි සතුරු රාශිගත වීම රටට යහපත් නැත. මීට වර්ෂ 30 කට පෙර ශනි වෘශ්චික රාශියේ සතුරු රාශිගතවූ විට අප රටට විදේශීය බලපෑම් තදින් ඇතිවිණ. එම තත්ත්වයට සමානව 2015 වර්ෂයේදී විදේශීය බලපෑම් ඇතිවේ.

දේශගුණික විපර්යාශයන්ද ඇතිවේ. නියඟයෙන් මෙන්ම ජල ගැල්මෙන්, නාය යාමෙන්, සුළි සුළං යනාදියෙන් ජනතාව පීඩාවට පත්විය හැකිය. හදිසි අනතුරු, කලකෝලාහල, වංචා, දූෂණ තවදුරටත් පවතී. එහෙත් එවැනි අයට භේදයකින් තොරව නීතිය කි‍්‍රයාත්මක වනු ඇත.

සෙනසුරුගේ බලපෑම රටට මෙන් ජනතාවට එතරම් හිතකර නොවන බැවින් ඉවසීමෙන්, තමන් අදහන ආගමට අනුකූලව දැහැමින් ජීවත්වීමට උත්සාහ ගන්න. ඒ ඒ ලග්නවලට බලපාන අන්දම මේ සමග ඇත. තමන්ගේ ජන්ම පත‍්‍රය අනුවද ලබා ඇති දශා, අතුරු දශා අනුවද සඳහන් කර ඇති කරුණු හා නොගැලපීමට පුළුවනි. ජ්‍යොතිෂවේදියෙකු ආධාරය ඇතුව ඔබට කෙසේදැයි වැඩිවිස්තර දැනගත හැකිය.


මේෂ ලග්නය
වයස් භේදයකින් තොරව ඔබට 2015 වර්ෂය පුරාවට සෙනසුරු අෂ්ඨම ඒරාෂ්ඨකය පවතී. ඔබේ ජන්ම කේන්දරයේ 7 වැන්නේ හෝ 10 වැන්නේ සෙනසුරු නැතිනම් ශනි තැන්පත් නම් අසුභ පල ගෙන නොදේ. සෙනසුරු මේෂ ලග්නයෙන් උපන් අයෙකුට පාපි ග‍්‍රහයෙකු වන බැවන් ඔබේ ජන්ම කේන්දරයේ 4, 5, 8 වැන්න යන ස්ථාන තුනෙන් එකක සිටින්නේ නම් ඔබට අසුභ පල ගෙනදේ. සෙනසුරු මහ දශාව හෝ අතුරු දශාව ගත කරන්නේ නම් අපල වැඩිවේ. යම් අයෙකුගේ ගුරු ග‍්‍රහයා 4 වැන්නේ තනිව පසුවන්නේ නම් ඔබට සුබපල ගෙන දෙනු ඇත.


අධ්‍යාපනය

ඉහත දක්වා ඇති ආකාරයට ගුරු 4 වැන්නේද ශනි 7 හෝ 10 වැන්නේ නම් ඔබ පෙනී සිටින  ඕනෑම විභාගයකින් උසස් ලෙස සමත් වේ. එසේ නොමැති නම් ඔබට සාර්ථක ප‍්‍රතිඵල ලබාගත නොහැකිය.


රැකියාව

ශනි 10 වැන්නේ තැන්පත්ව ගුරු 4 වැන්නේ නම් රැුකියාවේ උසස්වීම් ලැබේ. රැකියා අපේක්ෂිත අයගේ බලාපොරොත්තු ඉටුවේ. ගුරු, ශනි දුර්වලව තැන්පත් නම් බලාපොරොත්තු ඉටු නොවේ.


විවාහ ජීවිතය

ශනි 7 වැන්නේ තැන්පත්ව ගුරු 4 වැන්නේ අයට විවාහ ජීවිතයේ සැපත ලැබේ. අවිවාහක අයට මංගල යෝග උදාවේ.


රෝග

වයස අවු. 55 ට වැඩි අයට විශේෂයෙන් රෝගා බාධා ඇතිවේ. සෙනසුරු 8 වැන්නේම තැන්පත්ව සෙනසුරු මහ දශාව ගත කරන්නේ නම් තදබල අපල ගෙන දිය හැකිය. ඉතා ප‍්‍රවේශම් වන්න.


වෘෂභ ලග්නය

ශනි ඔබට සුබ ග‍්‍රහයෙකු වන අතර ගුරු පාපී ග‍්‍රහයෙකි. සඳු හැර අන් සියලූ ග‍්‍රහයින්ගෙන් සුබපල ලබා දේ. එසේ වන්නේ එම ග‍්‍රහයින් ඔබගේ ජන්ම කේන්දරයේ තැන්පත් බල දුබලතාවය මතය.


අධ්‍යාපනය

ප‍්‍රාථමික අධ්‍යාපනය ලබන අයට සුබයි. උසස් අධ්‍යාපනය ලබන අයගේ සෙනසුරු තැන්පත් ස්වභාවය පමණක් නොව අනෙකුත් ග‍්‍රහයින් තැන්පත් ආකාරයට වෙනස් වේ.


විවාහ ජීවිතය

ශනි ඔබට සුබ ග‍්‍රහයෙක් වුවත් 2015 වර්ෂය පුරාවට 7 වැන්නේ පසුවන බැවිනි. විවාහ ජීවිතයේ ප‍්‍රශ්න පැන නගිනු ඇත. අවිවාහකයින්ට විවාහ තවදුරටත් කල් යනු ඇත.


රැකියාව සහ ආර්ථික තත්ත්වය

ඔබේ රැකියාව ගැන සලකා බැලිය යුත්්්තේ සෙනසුරු ග‍්‍රහයාගෙනි. ඔබේ ජන්ම කේන්දරයේ ශනි 3, 4, 7 වැන්නේ තැන්පත් නම් රැකියාවේ ප‍්‍රශ්න මතුවිය හැකිය. 6, 9, 10 වැනි ස්ථානයක ශනි තැන්පත්ව සිටින අයගේ තමන් කරන රැුකියාවේ දියුණුවත් දැකිය හැකි වනු ඇත. ඔබේ ආදායම පාලනය කරනු ලබන්නේ ගුරු සහ බුධ ග‍්‍රහයින්ය. ගුරු ඔබට පාපී ග‍්‍රහයෙක් නිසා අසුබ ස්ථානයක තැන්පත් නම් ආදායම කෙරේ බලපෑම් කරනු ඇත.


රෝගාබාධ

විශේෂයෙන් වැඩිහිටි අයට මුත‍්‍රා රෝග, අර්ශස්, හන්දිපත්වල රෝග ඇතිවිය හැකිය. සෙනසුරු මහ දශාව, අතුරු දශාව, ගුරු මහ දශාව අතුරු දශාව ගත කරන්නේ නම් තදබල රෝග ඇතිවිය හැකිය.


මිථුන ලග්නය

බුධ, සිකුරු, ශනි ඔබට සුබ පල දෙන ග‍්‍රහයින් වේ. සිකුරු හොඳම සුබ ග‍්‍රහයා වන අතර කුජ තදබල පාපී ග‍්‍රහයා වන්නේය. ඒ අනුව ඔබට සුබ ග‍්‍රහයෙක් වූ සෙනසුරු 6 වැන්නේද, පාපි ග‍්‍රහයෙකු වූ ගුරු 2 වැන්නේ පසුවන අතර වර්ෂය මැදදී ගුරු 3 වැන්නටද ගමන් කරයි.


අධ්‍යාපනය

ඔබගේ ලග්නාධිපති බුධ ලග්නයේ 4 වැන්නේ පසුවන්නේ නම් 2015 වර්ෂය තුළ ඉදිරිපත් වන විභාගවලින් උසස් ප‍්‍රතිපල ලැබේ. බුධ 3, 5, 12 වැන්න වැනි ස්ථානයක නම් සාමාන්‍ය සමාර්ථ ලබනු ඇත. බුධ 2, 10 වැන්නේ නම් එතරම් සුබ නැත.


රැකියාව

ලැබීමට ඇති යම් තනතුරු ප‍්‍රමාද වනු ඇත. රැුකියා නොමැති අයට රජයේ හෝ රජයට සම්බන්ධ ආයතනවල රැුකියා ලැබීමට ප‍්‍රමාද ඇතිවේ. ආදායමද එතරම් යහපත් නැත.


විවාහය

ප‍්‍රමාද වූ විවාහ මෙම වර්ෂයේදී සාර්ථක වනු ඇත. විවාහකයින් අතර සම්බන්ධතා එතරම් යහපත් නැත. කල්පනාකාරීව, ඉවසීමෙන් කටයුතු කරන්න.


රෝගාබාධ

ඔබ කුජ මහ දශාව ගතකරන්නේ නම් තදබල රෝග ඇතිවිය හැකිය. විශේෂයෙන් වැඩිහිටි අයට ලේ විෂවීමෙන් ඇතිවන රෝග, වකුගඩු ආශි‍්‍රත රෝද සෑදිය හැකිය.


කටක ලග්නය

සඳු, කුජ, ගුරු යන ග‍්‍රහයින් ඔබට සුබපල උදාකරන අතර, ඉතාමත් සුබ පල කුජ ග‍්‍රහයා ලබා දෙන අතර තදබල අපල ගෙන දෙන්නේ සෙනසුරු නොහොත් ශනිය. ඔබේ ලග්නයේ 2 වැන්නේ 5 වැන්නේ ශනි තැන්පත්ව සෙනසුරු මහ දශාව හෝ අතුරු දශාව ගතකරන්නේ නම් 2015 වර්ෂය තුළ ඔබට සුබ නැත.


අධ්‍යාපනය

ඔබට පාපී ග‍්‍රහයා වූ සෙනසුරු 5 වැන්නට පැමිණ සිටින නිසා ඔබේ මූලික අධ්‍යාපන කටයුතුවලට බාධක ගෙන දේ. ගුරු ඔබේ ලග්නයේ හෝ 9 වැන්නේ නම් පමණක් සාර්ථක ප‍්‍රතිඵල ලබාගත හැකිය.


රැකියාව

ඔබ කරන කුමන රාජකාරියක් වුව සාර්ථකව ඉටු කළ හැකිය. කුජ ග‍්‍රහයා 10 වැන්නේ තැන්පත් නම් රැුකියාවේ උසස්වීම් ලැබිය හැකිය. රක්ෂා බලාපොරොත්තු වන අයට බලාපොරොත්තු ඉටු වේ. එසේ වුවද ඔබේ ආදායම් තත්ත්වය ඉතා ඉහළ අගයක් ගනු නොලැබේ.


විවාහය

විවාහ ජීවිතයේ ගැටළු මතු වේ. අවිවාහකයින්ගේ විවාහ ප‍්‍රමාද වේ. ගුරු ග‍්‍රහයා ලග්නයේ හෝ 9 වැන්නේ නම් විවාහ ජීවිතයේ ප‍්‍රශ්න පැන නොනගී. අවිවාහකයින්ට විවාහ ඉක්මන් වේ.


රෝගාබාධ

කුමන ස්ථානයක ශනි ගමන් කළත් සතුරු රාශිගත නිසා රෝගාබාධ ඇතිවිය හැකිය. වැඩිහිටි අයට වඩාත් අසුබයි.



සිංහ ලග්නය

ඔබට සුබ ග‍්‍රහයින් වන්නේ රවි, ගුරු, කුජ පමණි. කුජ අධික සුබපල දෙන අතර තදබල අපල ගෙන දෙන්නේ බුධ ග‍්‍රහයාය. 2015 වර්ෂයේ ඔබට කොහොමද සලකා බැලිය යුත්තේ මෙම පදනම මතය.


අධ්‍යාපනය

ප‍්‍රාථමික අධ්‍යාපනය ගැන කියවෙන 5 අධිපති 12 වැන්නේ හැසිරෙන මෙම වර්ෂය තුළදී මූලික අධ්‍යාපනය ලබන අයට එතරම් සුබපල අපේක්ෂා කළ නොහැකිය. උසස් අධ්‍යාපනය ලබන අයට යම් සාර්ථක ප‍්‍රතිඵල ලබාගත හැකි වන්නේ ඔබ රවි, ගුරු, කුජ මහ දශා හෝ අතුරු දශා ලබන කාලය තුළදී සතුටුදායක ප‍්‍රතිඵල ලබාගත හැකි වේ.


විවාහය

7 අධිපති සතුරුව ගත කරන මෙම වර්ෂය තුළ ගෘහ ජීවිතයේ ගැටලූ මතුවිය හැකිය. විවාහ අපේක්ෂිත අයගේ බලාපොරොත්තු කල් යනු ඇත. ගුරු 5 වැන්නේ හෝ 12 වැන්නේ පසුවන අයට පමණක් මංගල යෝග උදා වේ.


රැකියාව

ශනි සතුරුව 4 වැන්නේ පසුවන බැවින් ඔබ ඉඩකඩම්, යාන, වාහන, දේපළ සම්බන්ධ වෘත්තියක යෙදෙන්නේ නම් පාඩු අලාභ සිදුවිය හැකිය. කුමන රැුකියාවක යෙදුනද 2015 වර්ෂයේ ඉතා ඉහළ සාර්ථකත්වයක් අපේක්ෂා කළ නොහැකිය.


රෝගාබාධ

සෙනසුරු මහ දශාව හෝ අතුරු දශා ගත කරන අයට රෝගාබාධ ඇති වේ. වැඩිහිටි අයට විශේෂයෙන් තදබල රෝග ඇති වේ. රවි, ගුරු, කුජ දශා ගත කරන අයට පමණක් යම් සහනයක් ඇත.



කන්‍යා ලග්නය

ඔබට සුබ ග‍්‍රහයින් වන්නේ බුධ, සිකුරු පමණී. සිකුරු ඉතාමත් සුබ පල ලබා දෙන අතර, කුජ තදබල පාපි ග‍්‍රහයා වේ. ශනි, ගුරු ඔබගේ ජන්ම කේන්දරයේ යහපත්ව නැතිනම් 2015 වර්ෂය ඔබට සුබ නැත. ගුරු 4, 7, 11 වැන්නේ තැන්පත් අයට සුබ පල ලැබේ. ශනි 3, 11 සහ ලග්නයේ තැන්පත් අයට අසුබයි.


අධ්‍යාපනය

සෙනසුරු ඔබගේ ජන්ම කේන්දරයේ යහපත්ව තැනිනම් මූලික අධ්‍යාපනයේ සාර්ථක ප‍්‍රතිඵල 2015 වර්ෂයේදී ලබා ගැනීම අසීරු වේ. උසස් අධ්‍යාපනය ගැන කිව හැක්කේ ඔබගේ ලග්නාධිපති බුධ ලග්නයේ හෝ 10 හෝ තැන්පත් නම් සාර්ථක ප‍්‍රතිඵල ලබාගත හැකිය. සෙනසුරු මහ දශාව හෝ අතුරු දශා ගතකරන අය උත්සාහ ගත යුතු වේ.


විවාහය

විවාහ ජීවිතයේ ගැටලූ ඇති නොවේ. අවිවාහක අයට මංගල යෝග උදා වේ.


රැකියාව

මුලින් සඳහන් කළ අන්දම බුධ ලග්න්යේ හෝ 10 වැන්නේ තැන්පත්ව බුධ මහ දශාව ගත කරන අයට තමන් කරන කුමන හෝ ව්‍යාපාරයක, රැකියාවක සාර්ථක ප‍්‍රතිඵල ලබාගත හැකිය. සෙනසුරු මහ දශා අතුරු දශාගත කරන අයට බාධක ගෙන දේ.


රෝගාබාධ

6 වැන්න අධිපති ශනි සතුරු රාශිගත නිසා රෝගා බාධ ඇති වේ. වැඩිහිටි අයට සෙනසුරු මහ දශාව හෝ අතුරු දශාව ලබා ඇත්නම් කල්ගතවන බරපතළ රෝග ඇතිවිය හැකිය.



තුලා ලග්නය

සිකුරු, ශනි, බුධ, කුජ යන ග‍්‍රහයින් ඔබට සුබ පල ගෙන දේ. ශනි බලවත් ලෙස සුබපල ඇති කරන අතර ගුරු පාපීම ග‍්‍රහයා වේ. මේ අනුව බලන කළ 2015 වර්ෂය පුරාවට ඔබට සුබ පල ගෙන දෙයි. ශනි සතුරු රාශියකද පාපී ග‍්‍රහයා ජූලි දක්වා උච්චව සිට ඉන්පසු මිත‍්‍ර රාශිගත වේ.


අධ්‍යාපනය

ශනි ඔබේ ලග්නයේ 4 වැන්නේ හෝ 5 වැන්නේ නම් ඔබගේ මූලික අධ්‍යාපන කටයුතු ඉතාමත් සාර්ථක වනු ඇත. බුධ ග‍්‍රහයා ලග්නයේ 9 වැන්නේ, 12 වැන්නේ නම් ඔබ ඉගෙනීමෙන් ඉහළට යනු ඇත. ගුරු ලග්නයේ 8 වැන්නේ 9න් හෝ 12 වැන්නේ නම් ඔබේ අධ්‍යාපන කටයුතුවලට බාධා ගෙන දේ.


විවාහය

විවාහකයින් අතර එතරම් ප‍්‍රශ්න පැන නොනගී. කුජ 9 වැන්නේ හෝ 12 වැන්නේ නම් තරමක් ප‍්‍රශ්න මතු වේ. විවාහ අපේක්ෂිත අයටද මංගල යෝග උදා කෙරේ.


රැකියාව

ඔබේ රැකියාව ගැන සලකා බැලිය යුත්තේ සඳුගෙනි. සඳු ඔබට එතරම් සුබඵල ගෙන නොදේ. එසේ වුවද පුර සඳුගෙන් උපත ලබා සඳු ලග්නයේ 8 වැන්නේ 10 වැන්නේ පසුවන අයට යහපත් වන අතර රැකියා අපේ්ක්ෂිත අයගේ බලාපොරොත්තුද ඉටු වේ.


රෝගබාධ

තුලා ලග්න හිිමියන් වැඩි දෙනෙකු එක්තැන් කරන රෝගාබාධවලට මුහුණ පාන්නේ නැත. එබැවින් ඔබ බිය විය යුත්තේ හදිසියේ ඇතිවන හෘදයාබාධ වැනි තත්ත්වයකටයි.


වෘශ්චික ලග්නය

ගුරු, රවි, සඳු, කුජ ඔබට සුබ ග‍්‍රහයින් වන අතර සඳු වඩාත් සුබපල ලබා දේ. වඩාත් පාපී ග‍්‍රහයා බුධය. ශනිද පාපි ග‍්‍රහයෙක් වේ. 2011.11.14 සිට ඔබට සෙනසුරු ලග්න එරාෂ්ඨකය ලබා තිබේ. එය 2020. 01. 23 දක්වා පවතී. සනි ඔබේ ලග්නයේ 9, 10 තැන්පත් නම් හා සෙනසුරු මහ දශාව හෝ අතුරු දශාවක් ගත කරන්නේ නම් තදබල අපල සිදුවේ.


අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතු ද අඩාල වනු ඇත. ගුරු ග‍්‍රහයා 2, 5, 9 වැන්නේ තැන්පත් නම් පමණක් ඒ අයට මූලික හා උසස් අධ්‍යාපන කඩඉම් පැනගත හැකිය. අන් අයට උසස් ප‍්‍රතිඵල ලබා ගැනීමට දුෂ්කර විය හැකිය.


විවාහය

අවිවාහක අයට තවදුරටත් බාධක, ප‍්‍රමාද ඇති වේ. විවාහයින් අතර නොහොඳ  නෝක්කාඩු ඇතිවිය හැකිය.


රැකියාව

ඔබගේ රැකියාව ගැන කියන රවි ග‍්‍රහයා, මේෂ, සිංහ, කටක, වෘශ්චික, ධනු මීන රාශිවල ගමන් කරන කාලය තුළ ඔබගේ රැකියාවේ හෝ ව්‍යාපාරවලින් ලාබ, ප‍්‍රගතිය ඇති වේ. සෙනසුරු මහ දශාව ගත කරන්නේ නම් ඔබ කරන රැකියාවේ ප‍්‍රශ්න මතුවිය හැකිය.


රෝගබාධ

වයස් භේදයකින් තොරව සුළු සුළු හෝ රෝග වලින් කල්ගතවන නිදන්ගත රෝග සෑදේ.


ධනු ලග්නය


කුජ, රවි, ගුරු, සඳු ඔබට සුබ ග‍්‍රහයින් වන අතර වඩාත් සුබ ග‍්‍රහයා කුජය. බුධ තදබල පාපී ග‍්‍රහයා වේ. 2014.11.02 සිට ඔබට සෙනසුරු ලග්න එරාෂ්ඨකය ලැබීය. ශනි ඔබට පාපි ග‍්‍රහයෙක් නිසා තරමක අපල ගෙන දෙනු ඇත.


අධ්‍යාපනය

ඔබේ මූලික අධ්‍යාපනය ගැන කියවෙන 5 වැන්න අධිපති කුජ ග‍්‍රහයා 5 වැන්නේ, 2 වැන්නේ 12 වැන්නේ නම් ඔබ ඉදිරිපත් වන තරග විභාගවලින් ජයගනු ඇත. උසස් අධ්‍යාපන කඩ ඉම පසු කළ හැක්කේ රවි 9 වැන්නේ, 5 වැන්නේ නම් පමණී. රවි මහ දශාව ගත කරන්නේ නම්ද යහපත්ය. ශනි ග‍්‍රහයා දුබලව ඇත්නම් තරමක අසීරු වනු ඇත.


විවාහය

ඔබේ විවාහ ජීවිතයේ එතරම් ගැටලූ පැන නොනගී. විවාහ වන වයසේ පසුවන ධනු ලග්නයේ උපන් අයට 2017.01.23 දිනට ප‍්‍රථම විවාහ වන්නේ නම් යහපත්ය.


රැකියාව

රැකියාවේ ප‍්‍රශ්න පැන නොනගී. එසේ වුවද ඔබ කරන කුමන හෝ රාජකාරිය අවංකව ඉටුකරන්න නැතිනම් රැකියාව අහිමිවීම, හිරේ විලංගුවේ වැටීමට පවා ඉඩ ඇත. බුද්ධිමත්ව කටයුතු කරන්න.


රෝගාබාධ

සෙනසුරු ලග්න එරාෂ්ඨය ගතකරන බැවින් වරින් වර රෝග මතුවිය හැකිය. වැඩිහිටි අයට තරමක තදබල රෝග ඇති වේ. ප‍්‍රවේශම් විය යුතුය.


මකර ලග්නය

ශනි, බුධ, සිකුරු ඔබට සුබ ග‍්‍රහයින් වේ. සිකුරු හොඳම සුබ ග‍්‍රහයා වන අතර කුජ තදබල අපල ගෙන දෙන පාපී ග‍්‍රහයා වේ. ඔබට සුබ ග‍්‍රහයෙකු වූ ශනි සතුරු රාශිගතව 11 වැන්නේ ගමන් කරන අතර ගුරු ග‍්‍රහයා ජූලි මාසය දක්වා 7 වැන්නේය. ගුරු ඔබට සුබ අසුබ ගෙන දෙන්නේ ජන්ම කේන්දරයේ තැන්පත් ස්වභාවය අනුවය.


අධ්‍යාපනය

ඔබේ ප‍්‍රාථමික හා උසස් අධ්‍යාපනයට එතරම් බාධක නැත. ඔබ 2015 වර්ෂය තුළ පෙනී සිටින තරග විභාග වකවානුව තුළ බුධ මහ දශාව හෝ අතුරු දශා ගත කරමින් සිටිය හොත් උසස් ප‍්‍රතිඵල ලබාගත හැකිය.


විවාහය

විවාහ ජීවිතයේ කිසිදු ප‍්‍රශ්න පැන නොනගී. අවිවාහකයින්ට මංගල යෝග උදා වී තිබේ.


රැකියාව

ඔබ කුමන රැකියාවක හෝ ව්‍යාපාරයක යෙදී සිටියද ප‍්‍රශ්න පැන නගී. ආදායම් තත්ත්වය එතරම් සතුටුදායක නොවේ. සෙනසුරු, සිකුරු වැනි දශා ගත කරන අයට ආදායම සරු වේ.


රෝගාබාධ

ඔබට එක්තැන් කරන බරපතළ රෝග ඇතිවන්නේ රවි, සඳු, කුජ වැනි ග‍්‍රහයෙකුගේ මහ දශාවත්, අතුරු දශාවත් ගත කරන්නේ නම් පමණී. ඔබට වැඩිකල් විඳවන රෝග සාදන්නේ නැත.



කුම්භ ලග්නය 

රවි, ශුක‍්‍ර, ශනි, කුජ, බුධ යන ග‍්‍රහයින් ඔබට සුබ පල ගෙන දේ. සිකුරු ඉතාමත් සුබ පල උදාකරන අතර වඩාත් පාපී ග‍්‍රහයා ගුරුය. 2015 වර්ෂය පුරාවට ඔබට සුබපල දෙන සෙනසුරු 10 වැන්නේ සතුරු රාශිගතවද වඩාත් අසුබපල දෙන ගුරු 6 වැන්නේ උච්චවද ජූලි මස දක්වා පසු වේ.


අධ්‍යාපනය

බුධ ග‍්‍රහයා 5 වැන්නේ 8, වැන්නේ තැන්පත් නම් ප‍්‍රාථමික හා උසස්  අධ්‍යාපන කටයුතු සාර්ථක වනු ඇත. ඉදිරිපත් වන තරග විභාගවලින් ජය ලැබෙනු ඇත. බුධ මහ දශාව හෝ අතුරු දශාව ගත කරන කාලය තුළ ඉදිරිපත් වන  ඕනෑම තරග විභාගයකින් ඔබට නිසක ජය ලැබෙනු ඇත.

විවාහය

ඔබට සුබ ග‍්‍රහයෙකු වූ රවි ඔබේ විවාහය ගැන වග කියයි. රවි 3, 7 වැන්නේ නම් විවාහ ජීවිතයේ ප‍්‍රශ්න පැන නොනගින අතර විවාහ අපේක්ෂා කරන අයගේ බලාපොරොත්තු ඉටුවේ.


රැකියාව

කුම්භ ලග්න හිමි  ඕනෑම තනතුරක් දරණ අයට 2015 වර්ෂයේදී තදබල ප‍්‍රශ්න මතුවේ. බොහෝ අයට දරණ තනතුරු අහිමි වේ. චෝදනාවන්ට මුහුණ දීමට සිදුවිය හැකිය.


රෝග

ගුරු රෝගස්ථානයේ ජූලි දක්වා පසුවන බැවින් රෝග ඇතිවිය හැකිය.


මීන ලග්නය

ඔබට සුබ ග‍්‍රහයින් වන්නේ ගුරු, සඳු, කුජ යන ග‍්‍රහයින්ය. වඩාත් සුබපල කුජ ගෙන දෙන අතර සිකුරු තදබල පාපී ග‍්‍රහයා වේ. සෙනසුරු 2015 වර්ෂය පුරාවට 9 වැන්නේ වන අතර ලග්නාධිපති ගුරු 4 වැන්නේය.


අධ්‍යාපනය

ඔබගේ ලග්නාධිපති ගුරු බලවත්ව ඇත්නම් මෙම වර්ෂයේදී ඔබ ඉදිරිපත් වන  ඕනෑම තරග විභාගයකින් ජයගත හැකිය. ගුරුද දුබලව සෙනසුරු මහ දශාව හෝ අතුරු දශාව ගත කරන්නේ නම් ඔබේ බලාපොරොත්තු එසේ ඉටු නොවේ.


විවාහය

ඔබටද විවාහ ජීවිතයේ ගැටලූ එතරම් ඇති නොවේ. විවාහයක් අපේක්ෂිත අයගේ බලාපොරොත්තු ඉටු වේ. සෙනසුරුගේ බලපෑම මත විවාහ ප‍්‍රමාදවීම් ඇතිවීමටද ඉඩ තිබේ.


රැකියාව

රැකියා අපේක්ෂිත අයගේ බලාපොරොත්තු ඉටු වේ. දැනට නිරත රැකියාවේ උසස්වීම් ලබාගත හැකිය. මෙහිදීද සෙනසුරුගේ බලපෑම ඇත්නම් ප‍්‍රමාදවීම් ඇති වේ.

රෝගාබාධ: සෙනසුරු සතුරු රාශිගත වීම මත යම් යම් රෝග ඇති වේ. සෙනසුරු මහ දශාව හෝ අතුරු දශාව ලබා ඇති වැඩිහිටි අයට තරමක තදබල රෝගවලින් පීඩාවට පත්විය හැකිය.

ජ්‍යොතිෂවේදී හංවැල්ලේ ඇස්. සිරිවර්ධන
133-C, ජයන්ති පාර, දොම්පේ