Home mattress pillow prison

නාමල්ට මෙට්ටය ගෙදරින් කොට්ටය හිරගෙදරින්

මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂට මෙට්ටයක් ලබා දීමට ලබාදීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන ඇතැයි එහි ආරංචි මාර්ග පවසයි.

ඒ නාමල් රාජපක්ෂ විසින් කර තිබූ ඉල්ලීමක් අනුව සහ වෛද්‍ය නිර්දේශයන්ට අනුවයි.

අනතුරුව ඔහුට නිවසින් සුපිරි මෙට්ටය ලබා දී ඇති අතර බන්ධනාගාරයෙන් නිකුත් කරන ලද කොට්ටය පමණක් දැනට භාවිතා කරන බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

නාමල් රදවා සිටින යාබද සිර වාට්ටුවේ මත්කුඩු සැකකරුවන් 30 දෙනෙකු පමණ රඳවා සිටින බවද දැනගන්නට තිබේ.

සැකකාර මන්ත‍්‍රීවරයා මේ වනවිට ‘‘ජේ ’’ සිරකුටියේ රඳවා සිටියි.

මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් අද දිනයේ ද බන්ධනාගාරයට පැමිණියේය.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් හිටපු ජනාධිපතිවරයා -

“මම රිමාන්ඩ් එකේ හිටියනේ. මාව රිමාන්ඩ් කරා බොරු චෝදනාවකට. අන්තිමට සාක්කිකාරයෝ හිරේ ගියා.  

ඒක කරේ ධාර්මිශ්ඨ ආණ්ඩුවෙන්. දැන් කරලා තියෙන්නේ යහපාලන ආණ්ඩුවෙන්. අවුරුදු ගානකට පස්සේ මගේ පුතාව අල්ලගෙන යන්නේ යහපාලනයෙන්.

ධාර්මිශ්ඨයි , යහපාලනයයි අතර වෙනසක් නැහැ. ඊලඟට මාව ගන්නවා.

කට තියෙනවනම් ඩොලර්වලට යටවෙච්ච අයට බැරිද ඕනේ දෙයක් කියන්න”. 




Namal cushion pillow home from prison

Magazine prison and the prison authorities to provide mattress MP Namal Rajapaksa has taken its sources.

The Namal Rajapaksa had requested and the doctors have recommended that.

Just released from prison, and the pillow in his home after a super-bed prison that is currently used sources.

The drug is known to have been detained about 30 suspects detained in the neighboring prison ward collected.

The suspect was now '' J '' cell at Guantánamo.

The remand prison in MP Namal Rajapaksa, former President and others came to bid the prison today.

The former president Responding to questions from journalists -

"I was on remand. False charges remanded to me. Last sākkikārayō jail.

It did dhārmiśṭha government. Now the government has done good governance. Years ago, my son was going to hold good governance.

Dhārmiśṭhayi, Governance, and no change. Then take me.

There's more than dollar amounts refer to yaṭavecca want to tell. "

Share this