Husband, wife hacked to death by hanging in the neck remains active

කපා කොටා බිරිඳ මරා සැමියා ගෙල වැළලාගෙන නසී

තම බිරිඳ කපා කොටා ඝාතනය කළ සැමියෙකු ගෙළ වැළලාගෙන මිය ගොස් ඇති බව පල්ලම පොලීසිය කියයි.

ඊයේ(30)රාත්‍රී 8.30 ට පමණ මෙම ඝාතනය සහ සිය දිවි හානි කර ගැනීම සිදුවී ඇත.මිය ගොස් ඇත්තේ පල්ලම - මණ්ඩලාන ප්‍රදේශයේ පදිංචිකරියක වන තිදරු මවක සහ ඇයගේ ස්වාමි පුරුෂයා බවට හඳුනා ගෙන තිබේ.

ඝාතනයට ලක්වී ඇති කාන්තාව හලාවත - බංගදෙණිය ප්‍රදේශයේ පිහිටි රජයේ සත්ත්ව ගොවිපලක සේවය කරන තැනැත්තියකි.

සිය දිවි නසා ගෙන ඇති ඇයගේ ස්වාමි පුරුෂයා කාලයක් විදෙස් රටක සේවය කර මෑතක මෙරටට පැමිණ ඇති බව පොලීසිය විසින් කරන ලද මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.

ඝාතනය සහ සිය දිවි නසා ගැනීම සිදු වී ඇත්තේ සිය දිවි නසා ගෙන ඇති පිරිමි අයගේ පියාට අයත් පාළු ඉඩමකදීය.

මිය ගොස් ඇති අඹු - සැමියන් කුමන හේතුවකට මෙම ඉඩමට පැමිණියාද යන්න සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව පොලීසිය කියයි.

පල්ලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසිත ලක්රුවන් මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

Share this