ධම්මාලෝක හිමි රෝහලේ : රහස් පොලිසිය රෝහල ළඟ

බලපත්‍ර රහිතව අලි පැටවකු තබා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උඩුවේ ධම්මාලෝක හිමියන්ගෙන් ප්‍රකාශයක් ගැනීමට රහස් පොලිස් කණ්ඩායමක් ඊයේ (13) රාත්‍රී කොළඹ නවලෝක රෝහලට ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
රාත්‍රී 10.30 වන විටත් ධම්මාලොක හිමියන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන නොතිබුණු අතර රහස් පොලිස් නිලධාරීහු රෝහල අසල සිටියහ.
බලපත් රහිතව අලි පැටවකු තබා ගැනීම සම්බන්ධ නඩුව බ්‍රහස්පතින්දා  (14)ට කැඳවීමට නියමිත බවත්, ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට ඊයේ (13) උදේ ධම්මාලෝක හිමියන් රහස් පොලිසියට කැඳවූ බවත්, අසනීප තත්ත්වයක් නිසා බෙහෙත් ගෙන ප්‍රකාශයක් දීමට එන ලෙස ඒ හිමියන් දැනුම් දුන් බවත්, ධම්මාලෝක හිමියන් නොපැමිණි නිසා රහස් පොලිසිය නවලෝක රෝහලට ගිය බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා‍ෙ කීවේය.

Share this