ජකර්තාහි පිපිරීම් මාලාවක්

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර ස්ථාන කිහිපයක පිපිරීම් මාලාවක්  සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අවම වශයෙන් පිපිරීම් 6ක්වත් සිදුව ඇති බවත් ජනාකීර්ණ ස්ථානයකදී මෙය සිදුව ඇති බවත් වාර්තා වනවා. මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් මෙම ප්‍රහාරය සිදු කරන්නට ඇති බවයි ජකර්තා පොලීසිය පවසන්නේ. 
ජකර්තා පොලීසියේ නිල ට්විටර් සටහනකට අනුව දැක්වෙන්නේ එක් පිපිරීමක් සරිනාහ් නම් වෙළඳ සංකීර්ණය ඉදිරිපිට සිදුව ඇති බවයි. එහිදී වෙඩි ප්‍රහාරයක්ද එල්ල වී තිබෙනවා. නගරවාසීන් විසින් තුවාල ලැබූවන් රෝහල් ගත කර තිබෙනවා. 
අවම වශයෙන් මෙහිදී පුද්ගලයන් තිදෙනක් වත් මියගොස් ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පවසන්නේ. 










Share this