මස්කෙළිය ප්‍රදේශයේ වතුපාසැලක 10 වසරේ අධ්‍යාපනය ලබන සිසුවියන් සිව්දෙනෙකු අපයෝජනය කිරීමට තැත්කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසැලේ ගුරුවරයෙකු මස්කෙළිය පොලීසිය විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ එම පාසැලේ සිසුවියන්ට එකී ගුරුවරයා ඔහුගේ නිවසේ අමතර පංතියක් පවත්වන අවස්ථාවේ මෙම සිසුවියන් සිව්දෙනාව අපයෝජනය කළ බවට එම සිසුවියන් හා සිසුවින්ගේ දෙමාපියන් විසින් මස්කෙළිය පොලීසියේ පැමිණිල්ලක් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා හෙට (29) හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත්, එම සිසුවියන් සිව්දෙනා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවත්, මස්කෙළිය පොලීසිය පවසයි.
මෙම සැකකරු නෝර්වුඩ් ප්‍රදේශයේ පදිංචි විවාහකයෙකු බව පැවසෙයි.