වෙලේ සුදා සමග ගනුදෙනු කළැයි චෝදනා ලැබූ උදයන්තිගේ සොයුරියගේ සැමියාත් අධිකරණය හමුවට

වෙලේ සුදා නොහොත් ගම්පොළ විදානගේ සමන්ත කුමාර ඇතුළු දෙදෙනෙකු පිළිබදව මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළව කෙරෙන පරීක්ෂණවලදී අනාවරණය වූ ටෙලි නාට්‍ය නිළියක වන උදයන්ති කුලතුංගගේ සොහොයුරිගේ සැමියාට මිළඟ වතාවේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ ය.



එම පරීක්ෂණ කටයුතු කිරීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන මුද්‍රා තබා ඇති බෝට්ටු 3ක් දෙහිවල මුහුදේ තබා ඇති හෙයින් ඒවා ආරක්ෂිත ස්ථානයක තබන්නැයි කළ ඉල්ලීමට එකඟ වූ මහේස්ත්‍රාත්වරයා එය ආරක්ෂිත වන පරිදි ස්ථානයක තබන ලෙස නියම කළේ ය.


එම අධිකරණයට අද පැමිණි උදයන්ති කුලතුංගගේ සොහොයුරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ප්‍රසාද් සිල්වා මහතා කියා සිටියේ, උදයන්තිගේ සොහොයුරියගේ සැමියා වාහන අලෙවි කිරීමේ ව්‍යාපාරයේ යෙදී සිටින බව ත් එම සිද්ධියට අදාළව ඔහුගේ බැංකු ගිණුමට මුද්‍රා තබා ඇති හෙයින් ඔවුන්ගේ ව්‍යාපාරවලට එය ඉමහත් බාධාවක්ව ඇති බැවින් එය නිදහස් කරන ලෙස ය.

ඒ පිළිබඳව තීරණයක් ගැනීමට එම ගිණුමේ හිමිකරු පැමිණිය යුතු බව දැන්වූ මහේස්ත්‍රාත්වරයා එම නඩුව ලබන 19 වන දිනට කල් තැබුවේ ය.

Share this