දේශපාලනයෙන් සමුගත්තා නිසා මං දැන් නිදහස්‌

ශ්‍රී ලංකාවේ දේශපාලනය කරන එක මහා පීඩනයක්‌. ඒ පීඩනය දරා ගන්න අමාරුයි. මම සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් සමුගත්තා. දැන් මම නිදහස්‌ මිනිහෙක්‌" යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුපිරි ක්‍රිකට්‌ ක්‍රීඩක සනත් ජයසූරිය මහතා පවසනවා. 

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් ඉවත් වූ පසුව එක්‌සත් ජාතික පක්‍ෂයෙන් මට ආරාධනයක්‌ ලැබුණා ගාල්ලට තරග කරන්න කියලා. ඒත් මම ඒ ආරාධනය ප්‍රතික්‍ෂේප කළා. අද රටේ දේශපාලනය බොහොම ව්‍යාකූල තත්ත්වයක තිබෙන්නේ. මේ සෑම දෙයක්‌ම අතහැරලා නිදහසේ ඉන්න එක හොඳයි කියලා හිතුවා යෑයි ජයසූරිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Share this