ලෝචනාගේ නෙදර්ලන්ත ජීවිතය

පසුගියදා යුගදිවියට එළැඹි ටෙලි නිළි ලෝචනා ඉමාෂි මීට දින කිහිපයකට පෙර සිය සැමියා සමඟ විදෙස් ගතවුණා. ඒ සිය සැමියා සේවය කරනු ලබන නෙදර්ලන්තය බලායි. මෑතක දී විවාහ වූ ටෙලි නිළියන් බොහොමයක් විවාහයෙන් පස්සේ විදෙස් ගත වූ අතර, ඔවුන් ඒ ඒ රටවල්හි සිය ජීවිතය ගත කරන අයුරු රසිකයන් සමඟ බෙදා හදාගෙන තිබුණේ ජනප‍්‍රිය සමාජ ජාලයක් වන ෆෙස්බුක් හරහා ය.

විවාහයෙන් පස්සෙ ලෝචනා රඟපෑමේ කටයුතුවලිනුත් ඈත් වෙලා. ඒත් ඒ හැමදාටම නෙවෙයි කියලයි ලෝචනා නම් කියන්නෙ. මේ තමා ලෝචනාගේ අළුත් ජීවිතයේ විස්තර ටිකක්. කෙටි කාලයකට වුවත් ලංකාවෙන් සමුගත් ඇය දැන් නෙදර්ලන්තයට වෙලා ජිවත් වෙන ආකාරය ඇයගේ ෆේස්බුක් පිටුවට එක් කර තිබුණේ මේ ආකාරයෙනි.



Share this