ඉදිරි මැතිවරණයට නාමයෝජනා භාරදීමට යන අපේක්ෂකයන්ගේ අාධාරකරුවන් ප්රවාහනයට මෙවර එකම ලංගම බස්රථයක්වත් ලබා නොදුන් බව ලංගමය පවසනවා.
ඉකුත් මැතිවරණවලදී එම සියලු කටයුතුවලට ලංගම බස් රථ යොදා ගත් නමුත් මෙවර වත්මන් ජනපති හෝ අගමැති විසින් බස්රථ ඉල්ලා කිසිදු බලපෑමක් නොකළ බවත්, එය යහපාලනයේ ප්රතිපත්තිය බවත් ලංගම නිලධාරියකු පැවසීය.
එසේවුවද ඇතැම් සංවිධායකවරුන් ලංගම බස් රථ ලබාගැනීමට උත්සාහ කළ බවද, එම නිලධාරියා කීය.
මැතිවරණ රැස්වීම්වලට නාමයෝජනාවලට යාමට බස්රථ ලබා නොදීමට ලංගම කලින්ම තීරණයක් ගෙන තිබූ අතර පක්ෂ සම්මේලනවලට පමණක් ගාස්තු යටතේ බස් රථ ලබා දෙන බවත් එම නිලධාරියා පැවසීය.