සියගණනින් කාන්තා යට ඇඳුම් සොකරම් කළ අයෙක් දැලේ

නිවෙස්වල පිටුපස ඇති ඇඳුම් වැලවල්වල ඇති කාන්තා යට ඇඳුම් සොරකම් කරගෙන ගොස් තමා වාසය කරන නවසේ කාමරයක ඒවා සිය ගණනක් අතුරා ඒ මත නිදාගෙන සිටින අමුතුම ආකාරයේ කාන්තා යට ඇඳුම් සොරෙක් චීනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

චීනයේ ෂාන්ඩොන් පළතේ වාසය කරන මෙම අමුතු තාලයේ යටඇඳුම් සොරා එලෙස සොරකම් කරන ලද යට ඇඳුම් මත නිදා ගැනීමෙන් අසාමාන්‍ය වින්දයක් ලැබූ බව පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි වාර්තා වනවා.

ගුංග් කුනාන් නමැති 44 හැවිරිදි අවිවාහක පුද්ගලයකු වන මොහු නිරන්තරයෙන් මෙම ක්‍රියාව සිදු කරනු දැක ඔහු එම සොරකම සිදු කරන වේලාවක් බලා ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන පොලීසියට භාරදී තිබෙනවා. 

කෙසේ වෙතත් පරීක්ෂණවලදී මෙම පුද්ගලයා පවසා ඇත්තේ තමාට විවාහ වන්නට බැරි වූ නිසා තමා කාන්තාවන් ඇසුරු කිරීමට දැඩි කැමැත්තක් දක්වන බවයි. එහෙත් කාන්තාවන් තමා කොන්කරන නිසා මෙවැනි දේවල් සිදු කිරීමට පෙළඹුණු බවද ඔහු පොලීසිය වෙත පවසා තිබෙනවා. 

පොලීසිය විසින් පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව සැකකරු අධිකරණයට ඉදිරිපත්කරන ලදුව අධිකරණය විසින් ඔහු මානසික රෝග පරීක්ෂාවකට යොමු කර ඇති බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ. 




Share this