මෛත්‍රී සහ මහින්ද මූණවත් නොබලා විනිල්ගේ දුවගේ විවාහයේ සාක්ෂිකරුවන් වෙයි [වීඩියෝ සහිතයි]

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර අනපේක්ෂිත හමුවක් සිදුව තිබෙනවා. ඒ සුප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරික කහවත්තේ විනිල් මැණික් අධිපති ඩබ්ලිව්. විනිල් මහතාගේ දියණියගේ විවාහ උත්සවයේදීයි. 

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති මෙම විවාහ උත්සවයේදී මනමාල පාර්ශ්වය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මනමාලියගේ පාර්ශ්වය වෙනුවෙන් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද අත්සන් තබා තිබෙනවා. 

මෙම විවාහ උත්සවය සඳහා පැමිණි වත්මන් ජනාධිපති හා හිටපු ජනාධිපතිවරයා අතර කිසිදු කතාබහක් සිදු නොවුණු බව වාර්තා වනවා. විවාහයේ සාක්ෂිය සඳහා අත්සන් තැබීමෙන් පසු එම මොහොතේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එයින් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඒ තවත් විවාහයක සාක්ෂියක් සඳහා අත්සන් තැබීමට නියමිතව ඇති බව පවසමිනි. හිටපු ජනාධිපතිවරයා පැයකට ආසන්න කාලයක් පමණ මංගල උත්සවයේ රැඳී සිටි බවයි වාර්තා වන්නේ.



Share this