වොල්ගාත් මේ දවස්වල නළුවෙක්ට තුරුල් වෙලාලු ඉන්නේ


වොල්ගා කල්පනී කියන නව පරපුරේ ජනප්‍රිය නිළිය මේ දිනවල හැංගි හැංගි වෙස් බඳිනවා කියලා අපිට ආරංචි වුණා. කොච්චර හැංගුවත් අපෙන් හැංගෙනවා බොරු ඉතින්. ඉරට මුවා වෙලා ගියත් සඳට මුවා වෙලා ගියත් වොල්ගාට නම් අපට මුවා වෙන්න බැරි වුණා. කොහොම වුණත් වොල්ගා දැන් මුව පොව්වෙක් වගේ එක් කෙනෙකුට තුරුළු වෙලා ඉන්නවා කියලා තමයි ආරංචි. ඒකෙනා ජනප්‍රිය නළුවෙක්. හැඩරුව කියනවා නම් කොණ්ඩය ටිකක් බොකුටුයි, මුහුණ පුරා රැවුල ටිකක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ දිනවල විකාශය වන නාට්‍ය කිහිපයකම මේ නළුවා තමයි ප්‍රධාන භූමිකාව රඟපාන්නේ. එහෙම කිව්වාම ඔබ හිතනවා ඇති මේ නළුවා කාවිංග ද නැත්නම් ශෂිරංගද? එහෙමත් නැත්නම් ධනුක ඩිල්ෂාන් ද? කියලා... නැහැ.

මේ එක් කෙනෙක්වත් නෙවෙයි. මේ නළුවොත් එක්ක තමා වොල්ගා පෙම් බඳින නළුවත් ඉන්නේ. වොල්ගා තමන්ගේ පෙම්වත් නළුවා ගැන පත්තරවලට නම් කියන්නෙම නැහැ. කවුද කියලා අපි දන්නවා වුණත් වොල්ගා අපෙන් කරන ලද ඉල්ලීමහේතුවෙන් අපි එම නම පළ කරන්නේ නැහැ.  මාධ්‍ය සදාචාරයන්ට අනුව එපා කියපු එකක් දාන්නත් හොඳ නැහැනේ. තව නොබෝ දිනකින්ම අපි මේ නළුවා කවුද කියලා කියන්නම්. එතෙක් ඉවසන්න වෙනවා. කොහොම වුණත් ලබන අවුරුද්දේදී දෙන්නම එකම කූඩුවකට කූඩු වෙන්නත් සූදානමින් ඉන්නවා කියලා තමයි ආරංචි...













Share this