පාර්ලිමේන්තුව විසිරුවයි - මහ මැතිවරණය අගෝස්තුවේ

පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රීයේ සිට විසුරුවා  හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි පවසනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය සඳහා මේ වන විට රජයේ මුද්‍රණාලයට යවා ඇතිවද  වාර්තා වනවා. ජනාධිපතිතුමා සහ නිදහස් පක්ෂයේ සාමාජිකයන් පිරිසක් අතර දීර්ඝ ලෙස කෙරුණු සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට අනුමැතිය ලබාදී ඇති බවද වාර්තා වනවා. 

ඒ අනුව අගෝස්තු මස 17 හෝ ඊට ආසන්න දිනයකදී මහ මැතිවරණය පැවැත්වීමට නියමිත බවද තොරතුරු වාර්තා වනවා. 

Share this