පාර්ලිමේන්තුව අද මැදියම් රැයේ සිට විසිරුවා හරින බවට වූ පුවත වෙබ් අඩවි ගණනාවක් විසින්ම අද පස්වරු වාර්තාකරන ලදී. කෙසේ වෙතත් එම සෑම ප්රවෘත්තියකම තිබුණේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ තීරණයක් මත මෙම විසුරුවා හැරීම සිදු කරන බවයි.
නමුත් අද දෙරණ වෙබ් අඩවියට රටේ ජනාධිපතිවරයා කවුරුන්දැයි යන්න අමතක වී ඇති ආකාරය එම වෙබ් අඩවියට ගිය පාඨකයන්ට දක්නට හැකි වුණා.
එහි සඳහන්ව තිබුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගත් තීරණයකට අනුව පාර්ලිමේන්තුව අද මැදියම් රැයේ සිට විසුරුවා හරින බවයි.